ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම්කිසි සැකයක් ඇතිවුවහොත්, මෙම දුරකථන අංක 011-5 234 234 හෝ 011-5 455 130 ඔස්සේ ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
Read MoreTag: ඉන්ධන වර්ග
ඩීසල් නොමැතිව තේ කර්මාන්තශාලා නවතියි!
ඩොලර් අර්බුදය හමුවේ ඩීසල් නොමැති වීමෙන් තේ කර්මාන්ත ශාලා රැසක් මේ වන විට අඩපණ වී තිබේ. විදුලිය නොමැති අවස්ථාවල විදුලි ජනන යන්ත්‍ර මගින් කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද ඩීසල් නොමැති වීම හේතුවෙන් බලවත් ගැටළු පැන නැගී ඇති බව වතු අධිකාරීවරුන් ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් දළු අස්වැන්න කර්මාන්ත ශාලාවල ඇඹරුම් යන්ත්‍රවලට දැමූ පසු ඒවා එක්වර ඇඹරිය යුතු ය. වරින් වර පැය ගණනාවක් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ඩීසල් නොමැති තත්ත්වයක් යටතේ ඒම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට බාධා මතුව ඇති බව තේ කර්මාන්ත ශාලා කළමනාකරුවෝ පවසති. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැවිලි…
Read Moreදෙන්නං කාසිවලට නං බෑ..!
15දා සජිත්ගේ සමගි ජන බලවේගය කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ පෙළපාලියක් කළා. සජබේ කට්ටිය නං ඉන්නේ රටේ බලය අල්ලපු මට්ටමේ ෆෝම් එකක. සජබෙ කට්ටිය ජනාධිපති ලේකම් කාර්යාලය වටකලා. කොහොමත් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට කඩා පනින්න එයාලගේ සැලැස්මක් නොතිබුණ බව පැහැදිලියි. නැත්තං වැඩේ කරන්න ඕනි තරං අවස්ථාව තිබුණා. ඇත්තටම ඔයාලා දන්නවා රටේ රාළ සජිත්ගේ දේශපාලනය එක්ක එකඟ නෑ කියලා. ඒකට හේතුව සජිත් ප්‍රේමදාසගේ පුතා වීම නං නෙවෙයි. සජිත් රටේ ජනවරම ගන්න හදන්නේ දෙන්නං කාසිවලට. ඒ කියන්නේ රටට කිසිම වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නේ නැතිව, රාජපක්ෂ විරෝධයෙන් විතරක් ගොඩයන්න හදන්නේ. එතන සජිත් සහ රටේ රාළ අතර…
Read Moreතෙල් නැව් 4ක් එන්නේ නෑ, ආයෙත් ඩීසල් හිඟයක්?
එලබෙන මාර්තු 17 සහ 18 යන දෙදින තුළ කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් නැව් 04ක් සිය පැමිණීම අවලංගු කර ඇතැයි වාර්තා වේ. මේවනවිට මුතුරාජවෙල පර්යන්තය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් ගොඩබෑවත් එය තව දින හතරකට උපරීම වශයෙන් ප්‍රමාණවත් වනු ඇති බවත් මෙම නැව් 4 පැමිණීම අවලංගු කිරීම මත නැවතත් ඩීසල් ප්‍රශ්නයක් පැනනඟින බවත් වාර්තා වේ. මේවනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව විසින් ඩීසල් යම් ප්‍රමානයක් නිපදවනු ලැබූවත් ඉදිරි කාලයේදි නැවතත් බොරතෙල් ලැබීමේ ප්‍රශ්නයක් උද්ගත බැවින් එම පිරිපහදුවේ ක්‍රියාකාරිත්වය ද ඉදිරියේ දී නවතිනු ඇත.
Read Moreසෙපෙට්කෝ තෙල් මිලත් ඉහළට, බස් ගාස්තු 60%කින් ඉහළට!
සෙපෙට්කෝ තෙල් අලවිසැල් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය තෙල් මිල ඉහළ දමා ඇත. එය මෙරට ඉතිහාසයේ තෙල් මිල ඉහළ දැමුණු වාර්තාගත වැඩිම අගයයි. මේ අනුව පෙට්‍රල් (92) රු.77කින් ද (නව මිල රු.254), පෙට්‍රල් (95) රු.76කින් ද (නව මිල රු.283), ඔටෝ ඩීසල් රු.55කින් ද (නව මිල රු.176), සුපර් ඩීසල් රු.95කින් ද (නව මිල රු.254) මිල ඉහළ දමා ඇත. මෙම මිල වැඩි කිරිමෙන් පසු ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නව මිල සහ සංස්ථා නව මිල අතර එතරම් වෙනසක් නැත. එහෙත් ලංකා ඛනිජ තෙල් නීතිගත සාංස්ථාව ප්‍රකාශ කරන්නේ මේ මිල ඉහළ දැමීම ද තමන්ගේ…
Read Moreතෙල් සහ ඖෂධ මිල අහසට!
ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් මිල ඉහළ දමමින් ලංකා ඉන්දීය තෙල් සමාගම තෙල් ඒකාධිකාරයේ බල මහිමය පෙන්වා ඇත. මේ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214ක් බවට පත්වී ඇත. මෙය එකවරකදී තෙල් මිල ඉහළට දැමුණු වැඩිම අගය වෙයි. තෙල් මිල මෙසේ ඉහළට යනවිට ඖෂධ මිල පාලනය ඖෂධ වෙළෙන්ඳන් අතට පත් කර ඇත. මේ පිළිබඳව මව්බිම පුවත්පතට අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඖෂධවල සිල්ලර මිල නියම කිරීමට ඖෂධ ආනයනකරුවන්ට සහ ඔසුසල් හිමියන්ට…
Read Moreකබ්රාල් සහ බැසිල් කඹ ඇදිල්ලක, තෙල් විදුලිය කෑම ඖෂධ නෑ
වර්තමාන ආර්ථික අර්බුදය මේවනවිට පිළිකාවක් සේ හැම ක්ෂේත්රයක්ම ආක්රමනය කර ඇත. අද වනවිට තාප බලාගාර තෙල් නැතිව ක්‍රියාත්මක නොවීම නිසා විදුලිය සිඳලීම පැය 7 1/2ක් දක්වා වැඩිවී ඇත. මෙම තත්ත්වය ඉදිරියේදී පැය 12ක් උනත් පුදුමයක් නැත. අවසන් වරට පැමිණි ඩීසල් නැව හරවා ගිය බව මාධ්‍ය වාර්තා කළේය. හේතුව නැවට ගෙවන්නට ඩොලර් නැතිවීමය. අද පුවත්පත් වාර්තා කර තිබුණේ තෙල් ගේන්න ඩොලර් නොදෙන නිසා මහජන උපයෝගීතා කොමිසම මහ බැංකුවට සහ එහි ලොක්කා අජිත් නිවාඩ් කබ්රාල්ට විරුද්ධව උසාවි යන බවය. මේ අතර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන වෙළෙඳ සංගමය ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී පිටරටින් ගෙන්වන…
Read Moreපැය 7 1/2ක් විදුලිය නෑ, මෙන්න කාල සටහන
අද (02) දිනයේ සිට පැය 7 1/2ක් විදුලිය සිඳලන බව වාර්තා වෙයි. ඒ අනුව පෙරවරු 8ත් සවස 6 ත් අතරදී පැය පහක කාලයක් හා සවස 6ත් රාත්‍රි 11ත් අතර කාලය තුල තවත් පැය දෙකහමාරක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරයි. විදුලිය කපන වෙලාවන් සහ අදාළ කලාපයන් අන්තර්ගත සටහන යටින්.. ක්ලික් කරන්න 👇 විදුලිය කපන වෙලාවන්
Read Moreතත්ත්වය බැරෑරුම් ලයිට් නැතුවම ඉන්න වෙයිද?
එලබෙන සඳුදායින් ආරම්භවන සතිය තුළ විදුලි කප්පාදු කාලසටහන තවත් දික් වෙන්නට පුලුවන් බව මහජන උපයෝගීතා කොමිසම දෙසින් එන වාර්තාවලින් දැනගන්නට ලැබේ. මේ අනුව ආසන්න වශයෙන් පැය 8ක විදුලිය සිඳලීමක් සිදුවිය හැකි බව ප්‍රකාශ වෙන අතර මේ පිළිබඳව ප්‍රකාශයක් කරන එම කොමිසමේ සභාපති කියන්නේ ලංකාවේ මේ මොහොතේ තිබෙන්නේ විදුලි අර්බුදයක් නොව ඉන්ධන අර්බුදයක් බවය. එහෙත් විදුලි බලමණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටින්නේ ජල විදුලි බලාගාර පිහිටි ජලාශවල ජල මට්ටම් 60%කින් පමණ පහළ බැස ඇති පසුබිමක ඉදිරියේදී ජල විදුලි බල ධාරිතාවයද තවත් අඩුවිය හැකි බවයි. කෙසේ උනත් උගුරට හොරා බෙහෙත් කන මහජන…
Read Moreයුද්ධෙ නිසා IOC උඩ යයි!
රුසියාව යුක්රේනය ආක්රමනය කිරීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගිය අතර ඊට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ඉහළ දමන්නට සිදුවෙන බව IOC සමාගම ප්‍රකාශ කරයි. ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක් රු.15 කින්, පෙට්ට්‍රල් ලීටරයක් රු.20කින් ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.
Read More