පුනර්ජනනීය බලශක්ති සැළසුම් තවත් කොඩිවිනයක් ද?

වර්තමාන ඩොලර් අර්බුදය සමග උග්‍රවී තිබෙන ඉන්ධන ලබාගැනීමේ අවුල නිසා දිර්‍ර්ඝ කාලයක් විදුලිය කපා දමන්නට සිදුවනු ඇති බවත් මෙම තත්ත්වය ඉක්මනින් විසඳාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවට කිසිම සැළෑමක් නොමැති බවත් මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයාගේ පුනර්ජනනී බලශක්ති යෝජනාවත් හරිත කෘෂි ව්‍යාපෘතිය වාගේ වෙන්නට බොහෝ දුරට ඉඩ ඇතැයි විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් ප්‍රකාශ කරයි.

විදුලි බල මණ්ඩලය සතු ජනන සැළසුම් නිසි වේලාවට ක්‍රියාත්මක නොවීම සහ තාප බලාගාර මාෆියාවට විදුලි බලමණ්ඩලයේ උසස් නිළධාරීන් නතුවීම වැනි තත්ත්වයන් තුළ වර්ථමාන විදුලි බල අවුල නිර්මානය වී ඇති බවත් මෙම තත්ත්වය තුළ පුනර්ජනනී බලශක්තිය වෙත යෑමේදී ඒ සඳහා යන වියදම ජාතියක් ලෙස දරන්නට සූදානම් ද සහ එම සැලසුම් කාගේද යන්න කිසිඳු දැනුවත්භාවයක් විදුලි බල මණ්ඩලයට මේ වනතෙක් නොමැති බවද එම ප්‍රකාශකයන් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය තුළ පුනර්ජනනී බලශක්තිය නැමති ලණුව ගිල ඇතැයි සැකයක් පවතින බවත් ප්‍රකාශ කරන එම ප්‍රකාශකයින් මෙම තත්ත්වය තුළ එලබෙන දස වසර තුළ විදුලි බල මණ්ඩලය අවුලෙන් අවුලට යනු ඇතැයි ප්‍රකාශ කරයි. පුනර්ජනනී බලශක්තිය දියුණු රටවලට ගැළපුනත් එය විදෙස් ණය සහන මත දුවන ආර්ථිකයක් හිමි අපි වැනි රටකට දරාගන්නට පුලුවන් වේදැයි සැක බවත් එම ප්‍රකාශකයින් ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම