රනිල් කියන්නේ බොරු ඉන්ධන තියෙන්නේ දවසකට විතරයි!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සතියකට ඉන්ධන ඇතැයි පැවසුවද රට තුළ ඉන්ධන ඇත්තේ ඩීසල් දින දෙකකට සහ පෙට්‍රල් දිනකට ලෙස බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි.

එම සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාගේ බොරුව නිසා රට තුළ ඉන්ධන පෝලිම් වැඩි වී ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගිය බවය.

මේවනවිට සපුගස්කන්ද පිරිපහදුවෙන් භූමිතෙල් නිෂ්පාදනය කළත් එම තෙල් ජනතාවට අවශ්‍ය පරිදි බෙදා හැරීමට යාන්ත්‍රණයක් නොමැති බව ප්‍රකාශ කරන ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, මේ වනවිට සති දෙකක් තිස්සේ කිසිම ඉන්ධන වර්ගයක් නොලැබුන පිරවුම්හල් ද ඇති බවය. එනිසා මේ වනවිට රට තුළ ඉන්ධන අර්බුදය ඉතාම දරුණු ලෙස වර්ධනය වී ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම