තෙල් සහ ඖෂධ මිල අහසට!

ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් මිල ඉහළ දමමින් ලංකා ඉන්දීය තෙල් සමාගම තෙල් ඒකාධිකාරයේ බල මහිමය පෙන්වා ඇත. මේ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214ක් බවට පත්වී ඇත. මෙය එකවරකදී තෙල් මිල ඉහළට දැමුණු වැඩිම අගය වෙයි.

තෙල් මිල මෙසේ ඉහළට යනවිට ඖෂධ මිල පාලනය ඖෂධ වෙළෙන්ඳන් අතට පත් කර ඇත. මේ පිළිබඳව මව්බිම පුවත්පතට අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඖෂධවල සිල්ලර මිල නියම කිරීමට ඖෂධ ආනයනකරුවන්ට සහ ඔසුසල් හිමියන්ට 10 වෙනිදා සවස අවසර ලබාදුන් බව ප්‍රකාශ කර ඇත.

මේ නව තත්ත්වයත් සමග එක එක ඔසුසල් ඖෂධ සඳහා විවිද මිල ගණන් අයකරනු ඇත. එමෙන්ම මේ නිසා ඖෂධ මිලද සීඝ්‍රයෙන් ඉහළ යනු ඇත.

Social Sharing
නවතම