උඩපැනලා ගහලා, සමාදානත් වෙලා

කුරුණෑගල – යග්ගහපිටිය ප්‍රදේශයේ IOC ඉන්ධන පිරවුම්හලකදී උසස් හමුදා නිලධාරියෙකු සිවිල් වැසියෙකුට උඩපැන පයින් පයින් පහරදීමේ සිද්ධියට අදාළ පාර්ශවයන් සමථයකට පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කරයි.

මෙම සිදුවීම පිළිබඳ වීඩියෝ දර්ශනයන් සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වීමත් සමග මේ සිදුවීම  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර කර ඇති බව වාර්තා වෙන අතර එම සිවිල් වැසියාට පහර දුන් නිලධාරියා ශ්‍රී ලංකා යුද හමුදාවේ කුරුණෑගල වැහැර පළමුවන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් විරාජ් කුමාරසිංහ බව වාර්තා වෙයි. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන පුරවැසියන් ප්‍රකාශ කරන්නේ මෙම නිළධාරියාට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. එහෙත් හමුදාවෙන් ආ බලපෑම් වැනි දේවල් නිසා මෙම සිදුවීමෙන් පීඩාවට පත් පාර්ශවය සාමදානයකට කැමතිවන්නට ඇතැයි තොරතුරු වාර්තා වෙයි.

Social Sharing
නවතම