ඉන්දීය ඩො.මි 500න් තෙල් ගන්න ඇහැක්ද? ප්‍රශ්නයක්..!

වර්තමාන ඉන්ධන අර්බුදයට විසඳුම වශයෙන් ඉන්දියාවෙන් ලැබෙනවා යැයි ආණ්ඩුව ප්‍රකාශ කරන ඩොලර් මිලියන 500ක ණය මුදල භාවිතාකර ඉන්දියානු ඔයිල් සමාගම අයිඕසී හරහා තෙල් ලබාගැනීමට කටයුතු කරනවා යැයි ආණ්ඩුව ප්‍රකාශ කළත් ඉන්දීය තෙල් සමාගම ප්‍රකාශ කරන්නේ තමන්ට ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවය.

ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන ලබාදීමට හැකි බවත් එහෙත් ඒ සඳහා ශ්‍රී ලංකාව ඩොලර්වලින් තම සමාගමට ගෙවීම් කළ යුතු බවත් ලංකා ඉන්දීය තෙල් සමාගම සඳහන් කරන බව මාධ්‍ය වාර්තා පළවෙයි. එහිදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඉන්ධන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ දී විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින බවයි. එනිසා එම ප්‍රශ්නයට විසඳුම ශ්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් ලැබිය යුතු බවය.

Social Sharing
නවතම