සෙපෙට්කෝ තෙල් මිලත් ඉහළට, බස් ගාස්තු 60%කින් ඉහළට!

සෙපෙට්කෝ තෙල් අලවිසැල් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය තෙල් මිල ඉහළ දමා ඇත. එය මෙරට ඉතිහාසයේ තෙල් මිල ඉහළ දැමුණු වාර්තාගත වැඩිම අගයයි.

මේ අනුව පෙට්‍රල් (92) රු.77කින් ද (නව මිල රු.254), පෙට්‍රල් (95) රු.76කින් ද (නව මිල රු.283), ඔටෝ ඩීසල් රු.55කින් ද (නව මිල රු.176), සුපර් ඩීසල් රු.95කින් ද (නව මිල රු.254) මිල ඉහළ දමා ඇත.

මෙම මිල වැඩි කිරිමෙන් පසු ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නව මිල සහ සංස්ථා නව මිල අතර එතරම් වෙනසක් නැත. එහෙත් ලංකා ඛනිජ තෙල් නීතිගත සාංස්ථාව ප්‍රකාශ කරන්නේ මේ මිල ඉහළ දැමීම ද තමන්ගේ පාඩුව හා සැසැඳීමේ මදි බවයි. ඒ අනුව සංස්ථාව පවසන්නේ තවත් මිල ඉහළ දැමිය යුතු බවය.

මේ සමගම බස් ගාස්තුවද 60%කින් ඉහළ යනු ඇති බව බස් හිමියන්ගේ සංගම් ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම