තෙල් නැව් 4ක් එන්නේ නෑ, ආයෙත් ඩීසල් හිඟයක්?

එලබෙන මාර්තු 17 සහ 18 යන දෙදින තුළ කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් නැව් 04ක් සිය පැමිණීම අවලංගු කර ඇතැයි වාර්තා වේ.

මේවනවිට මුතුරාජවෙල පර්යන්තය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් ගොඩබෑවත්  එය තව දින හතරකට උපරීම වශයෙන් ප්‍රමාණවත් වනු ඇති බවත් මෙම නැව් 4 පැමිණීම අවලංගු කිරීම මත නැවතත් ඩීසල් ප්‍රශ්නයක් පැනනඟින බවත් වාර්තා වේ.

මේවනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව විසින් ඩීසල් යම් ප්‍රමානයක් නිපදවනු ලැබූවත් ඉදිරි කාලයේදි නැවතත් බොරතෙල් ලැබීමේ ප්‍රශ්නයක් උද්ගත බැවින් එම පිරිපහදුවේ ක්‍රියාකාරිත්වය ද ඉදිරියේ දී නවතිනු ඇත.

Social Sharing
නවතම