බර කරත්ත යුගයට යන්න බලශක්ති ඇමතිගෙන් යෝජනා

ඩොලර් අර්බුදය එන්න එන්නම උග්‍ර වීම නිසා ඉදිරියේදී රටේ අවශ්‍යතාවයට සරිලන්න ඉන්ධන ලබාදීම විශාල ගැටලුවක් බවද එනිසා ඇතිවී තිබෙන තත්ත්වයෙන් ටිකක් හෝ ගොඩ එන්න යැයි කියමින් බලශක්ති අමාත්‍යාංශයෙන් ඉන්ධන භාවිතය අඩු කරගැනීම සඳහා යෝජනාවලියක් සකස් කර එම යෝජනාවලිය කැබිනට් මණ්ඩලය වෙත යොමුකර ඇතැයිද අයිතිය වෙබ් අවඩිය වෙත වාර්තා වෙයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යෝජනාකර ඇති මෙම යෝජනාවලිය තුළ හිටපු අමාත්‍යවරයෙක් වන මංගල සමරවීර මහතා හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය නැවත ක්‍රියාත්මක කිරීම, සතියට එක දිනක් පාසල් වීඩියෝ තාක්ෂනය හරහා පැවැත්වීම, කොළඹට ඇතුල්වන වාහන සීමා කිරීම, කාර්‍යාල අරඹන වේලාවන් විවිධ තලවලට අරගෙනයෑම, පුණර්ජනනී බලශක්තිය ප්‍රවර්ධනය වැනි යෝජනා මෙම යෝජනාමාලාව තුළ අන්තර්ගත බව දැනගන්නට ලැබේ.

මෙම තත්ත්වය තුළ සහ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමේ තත්ත්වය තුළ විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාදුන හොත් ඒ සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 50ක පමණ මුදලක් අමතරව වැයවෙනු ඇති බවද ඊට අමතරව දේශීය ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් මසකට ඩොලර් මිලියන 400ක් වැයවෙනු ඇති බවද මෙම මුදල් සොයා ගැනීම බෙහෙවින් අසීරු බවද එම අමාත්‍යාංශයෙන් එන තොරතුරු ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය තුළ විදුලිය කපාහරීම සහ වාහන භාවිතයෙන් වැළකී සිටීම කාර්‍යාලයන් තුළ භාවිතා කරන වායුසමනය යන්ත්‍ර අක්‍රීය කිරීම වැනි බොහෝ දේවල් සිදුවන්නට නියමිතය.

Social Sharing
නවතම