මාස 3ක් රට අඳුරට හරවන්න, ලංවීම අවසර ඉල්ලයි

එලබෙන මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා ලංවීම උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් එම කොමිසම පෙන්වා දෙන්නේ විදුලි පරිභෝජනය අවම කර ජනතාව මෙම විදුලි අර්බූදය විසඳාගැනීම සඳහා සහාය ලබා නොදුනහොත් ලංවීම මෙම ඉල්ලීමට අවසර දීමට සිදුවනු ඇති බවය.

නොකඩවා විදුලිය අවශ්‍ය නම් සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලයේදී වැඩිපුර විදුලිය වැයවෙන උපකරණ භාවිතයෙන් වැළකී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඉහත කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි. ඒ අනුව මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අද 12 දා ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සමඟ තම කොමිසම සාකච්ජාවක් පවත්වන බව ප්‍රකාශ කරන ඒ මහතා ඒ අනුව තීරණයකට එලබෙන බව ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම