අයිතීන් දිනා ගැනීම සදහා වෘත්තිය ක්‍රියාමාර්ගයක යෙදී සිටින මොහොතක රජයට අයත් ජාතික පුවත්පතක් ගුරුවරුන් පිළිබදව අසත්‍ය පුවත් වාර්තා කිරීම ගුරු අරගලය සම්බන්ධයෙන් වෛරී හැඟීමක් ඇති කරවන්නක් බව ගුරු සංගම් නායකයෝ ජනමාධ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත අගෝස්තු 30 වැනි සදුදා ලිපියක් යොමු කරමින් ගුරු සංගම් නායකයන් පෙන්වා දී ඇත්තේ සිළුමිණ පුවත්පතේ අගොස්තු 29 වැනි ඉරිදා කලාපයේ මුල් පිටුවේ ‘‘ගුරු උද්ඝෝෂණයට එක්වූ ගුරුවරුන්ට කොරෝනා හැදිලා. මරණ 25යි ආසාදිතයන් 400 යි’’ යනුවෙන් පදනම් විරහිත අසත්‍ය පුවතක් පළ වී ඇති බවයි. “කෝවිඩ් රෝගයට ගොදුරු වීමෙන් මේ වන විට පාසල්…
Read MoreMonth: August 2021
බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට එරෙහි උතුරේ නිවෙස් තුල විරෝධතාවක්!
දොළොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා උතුරේ මව්වරුන් අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනයේදී විරෝධතා දක්වා තිබේ. මාරාන්තික වසංගතය පාලනය සදහා රජය විසින් මුළු දිවයිනම අගුලා ලා තිබීම හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ මව්වරුන් සිය නිවෙස් තුළ ඊයේ ( 30) දිනයේ විරෝධතා දියත් කර ඇත. සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ අරගලයක යෙදී සිටින මුලතිව් දිස්ත්‍රික්කයේ මව්වරුන් 2017 වසරේදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට අද වන විට දින 1635 ක් සම්පුර්ණ වී තිබේ. මිය ගිය සමීපතමයන් සිහි කරමින් ඉටි පන්දම් දල්වා ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ලියන…
Read Moreකොවිඩ් බොඩි බෑග් මිලදි ගන්න තවත් ටෙන්ඩරයක් !
කොවිඩ් මෘතදේහ බහාලීම සඳහා යොදාගන්නා තවත් බොඩි බෑග් 15000ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි පැවසේ. මෙතෙක් පාවිච්චි කළ බොඩි බෑග් තත්ත්වයෙන් බාල බවට නව ටෙන්ඩර් සඳහා පත්කළ තාක්ෂණ ඇගයීම් කමිටුව තීරණය කිරීම නිසා බොඩි බෑග් 5000ක් චීනයෙන් ගෙන්වීමට අවසර ලැබී ඇත. දැනට ටෙන්ඩර් කැඳවූ බොඩි බෑග් 5000ට අමතරව තවත් දසදහසක් සඳහා ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. අලුතින් ටෙන්ඩර් කැඳවූ පන්දහස මෙරටට ගෙන එනතුරු ටෙන්ඩර් කමිටුවෙන් අනුමත නොවූ කලින් සමාගමටම ඒ සඳහා බොඩි බෑග් සැපයීමට අනුමැතිය ලබාදී ඇත. මීට පෙරද 2020 වසරේ දී ලංකාවට…
Read Moreස්පුට්නික් V පළමු මාත්‍රාවට මාස තුනක්, දෙවැනි මාත්‍රාව කෝ?
කොවිඩ් මර්දන එන්නත ලෙස ප්‍රථම වරට මෙරටට ලැබුණේ ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂිල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතය. ඒ් එන්නත ලබාගත් පිරිසට දෙවැනි එන්නත ලබා ගැනීමට මාස 06 ක් පමණ බලා සිටීමට සිදු වු අයුරු අපට මතකය. මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත ලංකාවට පැමිණි පසු එය ලබා දුන්නේ මහනුවර දිස්ත්‍රික්කයට හා කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව ප්‍රදේශයටය. ස්පුට්නික් V එන්නත් 150 000 කට ආසන්න පිරිසක් සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ දී එන්නත්කරණය සිදු කළ අතර එම පිරිසට මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා කාර්යාලගත නිලධාරීන් ද ඇතුළත් විය. ඔවුන් ස්පුට්නික් V එන්නත…
Read Moreවෛද්‍ය ජයරුවන්ගේ හෙළිදරව්ව ගැන විමසීමට ඔහුව අද CID ට කැඳවයි.
ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සහ පී.සී.ආර්. කට්ටල ගෙන්වීමේ බරපතල දූෂණ වංචා සිදුවන බවට සැකයක් ඇතැයි ඇතුලුව කොවිඩ් සම්බන්ධව විශේෂ කරුණු රැසක් හෙළිදරව් කළ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව අද (31) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. පහුගියදා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් සම්බන්ධව මේ වන විට පැන නැඟී ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර තිබුණි. විශේෂයෙන්ම එහි අක්‍රමිකතා ගැන ඔහු කථා කර තිබුණි. මේ සම්බන්ධව එක්තරා වෛද්‍යවරයෙකු විසින් මොහුට විරුද්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (30) පැමිණිල්ලක් ඉදිරිපත්…
Read Moreබලාපොරොත්තු නොමැති බිමකට රන් පදක්කමක් – දුලාන් දසනායක
දිනේෂ් ප්‍රියන්ත අවසානයේ ලෝක මට්ටමේ තරගයකින් ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමි කර ගැනීමට සමත් වී තිබේ. ඔහු එම දක්ෂකම සිදු කලේ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ එෆ් 46 තරග ඉසව්වට සහභාගී වෙමින්. ඔලිම්පික් තරගාවලියට පසව පැවැත්වෙන අබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් වූ පැරාලිම්පික් තරගාවලියෙන් හෝ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට හැකි වීම පවතින ආර්ථික සමාජ දේශපාලන තත්වය තුළ ලාංකිකයන්ට අස්වැසිල්ලක්. එය කොතරම් අස්වැසිල්ලක්ද යන්න මේ මොහොතේ සමාජ මාධ්‍ය ජාලාවන්හි එකී ජයග්‍රහණය පිළිබද පොදු ජනයා පළ කරන අදහස් වලින් පෙනෙයි. ශ්‍රී ලංකා වැසියන් මේ වන විට සිටින්නේ බරපතල ඉච්ඡා භංගත්වයකින්. විශේෂයෙන් අසීමිත…
Read Moreමැති ඇමතිවරුන්ට ණය ගෙවාගන්න බැරිනම් සාමාන්‍ය මිනිසුන් ගැන කවර කථාද?- ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය
මේ රටේ මැති ඇමතිවරුන්ට කොවිඩ් අරමුදලට වැටුප දෙන්න බැරි තරම් ඔවුන් ණය වෙලා ඒ්වා ගෙවා ගන්න බැරිව ඉන්නවා නම් මේ රටේ සාමාන්‍ය මිනිහා ලීසිං හා ණය ගැටලු වලට මුහුණ දෙන්නේ කොහොමදැයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ මාධ්‍ය ලේකම් සුමේධ අමරසිංහ මහතා රජයෙන් ප්‍රශ්න කර සිටියි. රටේ පවතින කොවිඩ් 19 තත්වය යටතේ විරැකියාව ඉහල ගිහින් කියල ජාත්‍යන්තර කම්කරු සංවිධානය කියන අතර එහෙම තත්ත්වයක් යටතේ අද තියෙන ව්‍යාපාර හා සේවා වලට අදාළ අයගේ රැකියා අති විශාල ප්‍රමාණයක් අවදානමේ පවතින බවත් මේ ලීසිං හා ණය පිලිබඳ ගැටලුව ඉතාමත් දරුණු මට්ටමේ පීඩනයක…
Read Moreඇමති බන්දුලගෙන් සලාක ක්‍රමය යළිත්!
දිනෙන් දිනම ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සලාක ක්‍රමයක් ආරම්භ කළ යුතු බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පවසා ඇත. මේ වන විට කහ, කිරිපිටි, සීනි, පරිප්පු, සහල්, පොල්තෙල්, අර්තාපල් ආදී ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ ගොස් ඇත. එසේම මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් හොර රහසේ ගබඩා කර ඇතැයි පැවසෙන සීනී ගබඩා වැටලීම්ද සිදු කෙරෙන අයුරු මාධ්‍ය මඟින් වාර්තා කර සිටියි. ඉන්දියාවේ සිට ආනයනය කරන ලද සීනි කන්ටේනර් 600 කට ආසන්න සංඛ්‍යාවක් මාස දෙකක පමණ කාලයක් තිස්සේ කොළඹ වරායේ මේ වන විට…
Read Moreරජුන් තනන්නාගේ හදිසි වියෝව – පිලිප් දිසානායක
කොවිඩ් රෝගයේ තිබෙන අති බිහිසුණු බව නැවතත් අපට පසක් කරමින් අපි කවුරුවත් බලාපොරොත්තු නොවු මොහොතක මංගල සමරවීරත් කොවිඩ් මාරයා විසින් රැගෙන ගියේය. ඉතා ළග ඇසුරක් නොතිබුනත් මංගල මගේ දේශපාලන යහළුවෙක් ලෙස මා සැලකුවේය. විවිධ අවස්ථාවල විශේෂයෙන් ඔහු ඇමතිකම් දරන අවධිවල දී අපි අවුරුදු ගනන් මුණනොගැසී කතා නොකර සිටියත්, අපි අතර තිබූ ඒ මිත්‍රත්වයේ අඩුවක් වුයේ නම් නැත. මට මෙන්ම, බොහෝ දෙනෙකුට මංගල හොඳ මිතුරෙකු විය. ඔහුගේ නිහතමානීකමට, විවෘත හා කෙලින් කතාවටත්, නිර්භීත භාවයට බොහෝ දෙනෙක් ඔහුට ඇලුම් කළාය. එමෙන්ම, ඔහු අතින් විවිධ අවස්ථාවලදී සිදු වූ දේශපාලන වැරදි හා අඩුපාඩුකම් සම්බන්ධව…
Read Moreකොවිඩ් ආසාදිතයින්ගේ ඉඳුල් ටික පවා වලදාන ඒ් මිනිසා , සෞඛ්‍ය කම්කරුවාය!
කොවිඩ් ගෝලීය වසංගතයත් සමඟ පෙරමුණේ සිටින්නේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශය. මේ අතරින් සෞඛ්‍ය අංශ ඉටු කරන මෙහෙය අප්‍රමාණය. ඔවුන් සිය ජිවිත අවදානමට ලක් කර, සිය දරුවන්, දෙමාපියන් අමතක කර දමා මේ අවස්ථාවේ රාජකාරියේ නියැලී සිටින අයුරුත් ඒ් රාජකාරී මේ වන විට දරා ගැනීමට නොහැකිව හෙම්බත්ව සිටින ආකාරයත් අප දකිමු. ඒ් නිසාම අපි ඔවුන්ව සුව විරුවන් වශයෙන් ගෞරවයෙන් ආමන්ත්‍රණය කරන්නෙමු. නමුත් මේ සෞඛ්‍ය අංශ මෙන්ම සිය ජිවිත අවදානමට ලක් කරමින්, එහෙත් සුලු වැටුපක් ලබන අහිංසක පිරිසක් මේ අවස්ථාවේ අපරිමිත සේවයක් ඉටු කරන බව ඔබ දැන සිටියාද? කිසිදු පුද්ගලයෙකුගේ අවධානයට ඇස නොගැටුණු මේ…
Read More