බන්ධනාගාර ගතව සිටින සරසවි සිසුන්ටත් කොවිඩ් වැලඳෙයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පණතට එරෙහි කෙරුණු මහජන සටනේ මුල් පෙළ නියෝජනය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප් යන අයට කොවිඩ් මේ වන විට වෛරසය ආසාදනය වී තිබේ.

පොදු දේපළවලට හානි කළැයි චෝදනා කරමින් මේ පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ මේ මස (අගෝස්තු) මුල් සතියේ දී ය. (3-6)  අත්අඩංගුවට ගැනීමෙන් පසුව කොවිඩ් පරික්ෂණ කිරිමෙන් අනතුරුව නෙගටිව් වු මෙම පිරිසට දැන් කොවිඩ් ආසාදනය වී තිබෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාරයේ දී බව තහවුරු වේ.

උද්ඝෝෂණ හරහා කොවිඩ් බෝවෙන බවට චෝදනා කළ ආණ්ඩුව උද්ඝෝෂකයන් බන්ධනාගාරගත කර සංවිධානාත්මකව කොරෝනා බෝ කරන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ මාධ්‍ය හමුවකදී  චෝදනා ක‍ර තිබුණි.

බදුල්ල තල්දෙන ප්‍රදේශයේ රඳවාගෙන සිටි චමීර ඇතුළු පිරිස මේ වන විට යාපනයේ ඉයක්කච්චි නම් ප්‍රදේශයේ නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ඇත.

මේ සම්බන්ධව නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය අද (28) දින ලිපියක් බන්ධනාගාර කොමසාරිස් වෙත භාර දෙනු ලැබීය.

ඒ් අනත්ර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු උදාර සඳරුවන් විසින්.

ශානි

Social Sharing
නවතම