මිනිස් ජිවිත වලට ලංසු තියෙන ආණ්ඩුවක් මේක – පා.ම. මනුෂ නානායක්කාර

කොරෝනා වසංගතය හමුමේ  පැණි පොවලා, මුට්ටි ගගට දාලා, උද්දච්චකම නිසා එන්නත ගේන්න ඔිනේ  වෙලාවට එන්නත් ගෙනාවේ නැති මේ ආණ්ඩුව අද වන විට කොරෝනාවලින් මිය යන  මිනිස්සුන්ගේ ජීවිතවලට වග කිව යුතු බව සමගි ජන බලවේගයේ  මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

රටේ  ආර්ථිකය වන්නේ මිනිස් ජීවිත ආරක්ෂා වුනොත් පමණක් බවත් මිනිස් ජීවිතය රුපියල් ශතවලින්, මිලියන වලින් මැනිය නොහැකි බවද ඒ් මහතා පවසයි.

අපිට අවශ්‍ය මිනිස් ජීවිතවල වටිනාකම තේරුම් යන ආණ්ඩුවක් බවත් මේ ආණ්ඩුවේ  පාලකයින්ට මිනිස් ජීවිතවල වටිනාකම නොතේරෙන අතර ඔවුන්  මිනිස් ජීවිත වලට  ලංසු තියමින් සිටින බවද ඔහු කියා සිටියි.

රට වසා තබන ලෙසට ඉල්ලීම් කරන්නේ පාපිෂ්ඨ සාහසික යැයි සෞඛ්‍ය ඇමැතිවරයා පවසන බවත්, ඒ අනුව මහානායක හාමුරුවෝත් පාපිෂ්ඨ සාහසික බලවේගයක්දැයි  ඇමැතිවරයාගෙන් ප‍්‍රශ්ණ කර සිටින මනුෂ මන්ත්‍රීවරයා පවසන්නේ  මුදල් රාජ්‍ය ඇමැතිවරයා රටේ ආර්ථිකය ගැන සිතා රට විවෘත කළ යුතු යැයි පැවසුවත්, ජනතාව මළ සොහොන් බිමක්වූ විට ආර්ථිකයෙන් ඇති ප‍්‍රයෝජනය කුමක්දැයි ප‍්‍රශ්ණ කරන බවය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (28) සවස මාධ්‍ය වෙත රටේ තත්ත්වය ගැන අදහස් දක්වමිනි.

ශානි

 

Social Sharing
නවතම