භාවිතයට නුසුදුසු කොවිඩ් PPE කට්ටල තවත් ලක්ෂයකට ඇනවුම්!

භාවියට නුසුදුසු කොවිඩ් ආරක්‍ෂිත ඇඳුම් කට්ටල ලක්‍ෂයක් සැපයූ පුද්ගලික සමාගමකට තවත් එම ඇඳුම් කට්ටල ලක්‍ෂයක කොන්ත්‍රාත්තුවක් පිරිනමනු ලබා දී ඇත.

ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය මඟින් මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. සෞඛ්‍ය අංශයේ සේවකයන් සඳහා ලබාදෙන කොරෝනා ඇඳුම් කට්ටල ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් වෛරසයට ඔරොත්තු දිය හැකි මට්ටමේ තිබිය යුතුය. සාමාන්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ජීවානුහරණය කළ අත්මේස්, KN95 මුව ආවරණයක් සහ ගුණාත්මකභාවයෙන් යුතු ශරීර ආවරණයකින් ද යුක්ත වේ.

නමුත් මෙම සමාගමෙන් ලබා දෙන ඇඳුම් කට්ටලය භාවිතයට නුසුදුසු බවට දිවයින පුරා රෝහල් වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල වෛද්‍ය සැපයීම අංශයට දැනුම් දී තිබේ.

මෙම ඇඳුම් කට්ටල ඖශධ නියාමනය, සැපයීම පිළිබද රාජ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව මඟින් අනුමත කර තිබීමද විශේෂත්වයකි. මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය සමඟ සැපයුම් ලබාදීම සඳහා ලියාපදිංචි වී ඇති සමාගම් අතරින් ආයතන දෙකක් විසින් සපයනු ලබන PPE ඇඳුම් සම්මත තත්ත්වයෙන් බැහැරව ඉතා බාල තත්ත්වයෙන් සපයනු ලබන බවට තොරතුරු හෙළිදරව් වී ඇත.

කොරෝනා ඇඳුම් කට්ටලය සඳහා අත්‍යවශ්‍යම සර්ජිකල් අත්වැසුම් තමන්ට ලබාදිය නොහැකි බව ද, සර්ජිකල් අත්වැසුම් වෙනුවට සාමාන්‍ය අත්වැසුම් ලබාදෙන බව ද ලිඛිතව දන්වා ඇති මෙම සමාගමේ තීරණයට වෛදය සැපයුම් අංශය එකඟතාවයද පළ කර ඇත.

දිවයින පුරා පිහිටි රෝහල්වල දෛනික භාවිතය සඳහා ආරක්‍ෂිත ඇඳුම් කට්ටල 12,000කට වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය වෙයි. රට පුරා වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශයේ සේවකයන් 2000කට ආසන්න පිරිසක් මේවන විට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇත. එවන් පසුබිමක බාල නිෂ්පාදන සෞඛ්‍ය අංශයට ලබා දෙමින් ඇත.

ශානි

Social Sharing
නවතම