මයික්‍රෝ ෆයිනෑස් මර උගුලක් ද ? – පර්යේෂිකා අමාලි වෙදගෙදර

microfinance loans Amali Wedagedara

එක නුවරඑළියේ පැත්තෙ කාන්තාවක් ණය අරගෙන තියෙනවා ඇඳුම් මහන්න. එයාගෙ ස්වාමිපුරුෂයත් එක්ක පමුණුව වගේ දුර පැත්තකට ගිහිල්ලා ඇඳුම් අරගෙන ඇවිත් තමයි මෙම කටයුත්ත කරන්න සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි එයාලා ඒක කරගෙන යන අතරතුර හස්බන්ගේ අත කැඩිලා. අත කැඩෙනවා වගේ දෙයකින් ඒ කාන්තාවගේ අත කැඩිලා වගේ එයාගේ ඒ ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙලා. එතනින් තමයි ප්‍රශ්නය එයාලට පටන් අරගෙන තියෙන්නේ. කිරි හරක් හදන ව්‍යාපාරයක් කරගෙන ගිහිල්ලා එක කිරි හරකෙක් මැරිලා. ණය අරගෙන මාස හයකින් විතර මේ හරකා මැරෙන්නේ. මේවගේ කතා ගොඩක් මට හම්බවෙලා තියෙනවා. ණය ගන්නේ ව්‍යාපාරයක් කරන්න, හැබැයි ණය අරගෙන ඊළඟ සතියෙ හරි ඊළඟ මාසේ හරි ඉඳලා ණය ගෙවීම පටන් ගන්නවා. ඉතින් ඒකෙන් මිනිස්සුන්ට කිසිම ආදායම් උත්පාදනය කරගන්න කාලයක් ඉතුරු කරන්නේ නැතුව තමයි මේ ණය ක්‍රමය පවතින්නේ. ඒක විශාල අවුලක්. මිනිස්සු අන්තිමට ණය ගෙවාගන්න නොහැක්ව ණය වැලක හිරවෙනවා මේ නිසා.

මොකක්ද මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නේ?

ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නෙ ව්‍යවසායකයෙක් බිහිකරන්න අරමුණු කරගෙන, ගෘහාශ්‍රිත ව්‍යාපාරවලට දෙන ණය. මිනිස්සු තමන් කරගෙන යනදේ දියුණු කරන්න බලාපොරොත්තුවෙන් තමයි මේ ණය ගන්න පෙළඹෙන්නේ. මම හිතන්නේ ඒ ණය ගනිද්දී මුදල් අවශ්‍යතාවය මිස ඒ ණය ගැනීම තුළ තියන බැරෑරුම්කම ගැන ඔවුනට අදහසක් නැහැ. ඔවුන් හිතනවා ඔවුන්ට මේ ණය ලබාගන්නා ආදායමෙන් ගෙවාගෙන යන්න පුළුවන් වෙයි කියලා. මම ආර්ථික ක්‍රියාකාරකමක් කරන්න ණයක් ඉල්ලනවා. මට රුපියල් ලක්ෂයක් අවශ්‍යයි ඒ ආර්ථික ක්‍රියාකාරකමට. හැබැයි මට ණය දෙන්නෙත් එක්කෝ පළවෙනි වාරිකය කපාගෙන, ඉන්ෂුවරන්ස් එක කපාගෙන. මට අතට ලක්ෂයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට එතන මගේ අවශ්‍යතාවයට සරිලන ණය මුදලක් ලැබිල නැහැ. ඉතුරු මුදල ගන්න එක්කෝ පොලී මුදලාලිගෙන් ගන්න ඕනේ. එහෙමත් නැතිනම් මම ඉල්ලපු කාලෙට ඒ ණය ලැබුණේ නැහැ. ඒ නිසා මම පොලි මුදලාලි කෙනෙක්ගෙන් ණය අරගෙන, පස්සේ අර ණයෙන් ඒක පියවෙනවා.

කාලගුණ විපර්යාස වගේ දේවලුත් මේ ණය ගෙවීමට බාධාවක් වෙනවා නේද?

ගොවියෝ ධීවරයෝ මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි කාලගුණික විපර්යාස කියන එක. මම කිළිනොච්චි ගියා මාස ගණනකට කළින් එතකොට සමුපකාර නිලධාරියෙක් මට කියපු දේ තමයි ඉස්සර වගේ නෙමෙයි දැන් කාලගුණය වුණත් බලන්න කාලගුණික විපර්යාස බොහොම කිට්ටුවෙන් කිට්ටුවෙන් සිද්ධ වෙනවා කියලා. ගොවියන්ට ඒක ලොකු ප්‍රශ්නයක්. මම අර කලින් කිව්වා වගේ ඔවුන් සැලසුම් කරනවා තමන්ට ලැබෙන ආදායමෙන් මේක ගෙවාගෙන යන්න පුළුවන් කියලා. ඒත් තමන්ට හරියට පොළිය සහ දඩ මුදල් එකතු වෙනඑක ගැන අවබෝධයක් නැතුව. පස්සේ මොනා හරි දෙයක් වුණ ගමන් ණය ගෙවීම හිර වෙනකොට මූල්‍ය ආයතන පැත්තෙන් දඩ මුදල් සහ ඊට අදාළ දේවල් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් මිනිස්සුන්ට සිද්ධ වෙනවා ණය ගෙවීම කරන්න. මිනිස්සු කියන දෙයක් තමයි අපි ණය ගත්ත නම් ගෙවන්න ඕනේ කියලා. ඉතිං ඒ කාරණය පිරිමහන්න තව කම්පැනි එකකින් හරි ආයතනයකින් හරි එහෙමත් නැතිනම් පොලී මුදලාලි කෙනෙක්ගෙන් හරි ණය ගන්නවා. එහෙමත් නැත්නම් අඩුම වශයෙන් අසල්වැසියෙක් ගෙන් හරි ණය ගන්නවා.

ණයකරුවන් වුණේ මොන පන්තීන්වල මිනිස්සු ද? දුන් ණය මුදල ප්‍රමාණවත් ද?

මේ කියන කණ්ඩායම ගොඩක් ගොවියෝ, ධීවරයෝ එහෙමත් නැතිනම් ගෘහාශ්‍රිතව එක එක කුඩා නිෂ්පාදන කරන කාන්තාවෝ. අපි දන්නවා ධීවර කර්මාන්තය කිව්වහම ගොඩක් මුහුදු යන්නේ කාන්තාව නෙමෙයි ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්. හැබැයි ස්වාමිපුරුෂයන් තනියම කරන ආර්ථික ක්‍රියාකාරකමක් නෙමෙයි මේ දේ. ගොවිතැන කිව්වත් එහෙම තමයි. මේවා පවුල ආශ්‍රිතව සිද්ධ වෙන ආර්ථික ක්‍රියාකාරකම්. ඉතින් මිනිස්සු තමන් කරගෙන යන දේ දියුණු කරගන්න බලාපොරොත්තුවෙන් තමයි ණයවලට පෙළඹෙන්නේ. ඔවුන් නීති ගැන හිතන්නේ නැහැ. ඔවුන් විශ්වාස කරනවා ඔවුන් ලබන ආදායමෙන් ඒ ණය ගෙවා ගෙන යන්න පුළුවන් කියලා. සමහර වාරික තියනවා සති වාරික, සමහර වාරික තියෙනවා මාසික වාරික.

මයික්‍රෝ ෆයිනෑස් ගැන ජනප්‍රිය මතය ඇත්තක් ද?

මයික්‍රෝ ෆයිනෑස් කියන්නේ අන්තර්ජාතික මට්ටම තුළදී එක්සත් ජාතින්ගේ සංවිධානය, ලෝක බැංකුව, ආසියා සංවර්ධන අරමුදල ඒ වගේ සංවිධාන පිළිගත්ත ක්‍රමයක්. දරිද්‍රතාවය නැත්නම් දුප්පත්කම දුරලන කාන්තාවන් බලගන්වන ක්‍රියාවලියක් කියලා තමයි අපි මේක පිළිඅරගෙන තියෙන්නේ. 2006 දුප්පත් කම දුරලීම සඳහා මයික්‍රෝ ෆයිනෑස් ක්‍රමය හඳුන්වලා දුන්නා මොහොමඩ් යුනුස් ට සහ ග්‍රාමීන් බෑන්ක් මොඩල් එකට නොබෙල් සාම ත්‍යාග පිරිනමනවා. ඉතින් අපිට ඒකෙන් පෙනෙනවා කොච්චර මේක පිළිඅරගෙන තියෙනවා ද කියලා. මට මතක විදිහට ඊට පස්සේ අවුරුද්දේ මයික්‍රො ෆයිනෑස් වර්ෂය විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරනවා. අපිට අද ගැටෙන තියෙන එකක් තමයි මයික්‍රෝ ෆයිනෑස් පිළිබඳ තියෙන මේ ජනප්‍රිය මතය.

මිනිස්සු ලෝකය පුරා ශ්‍රී ලංකාවේ වුණත් කාන්තාවන් සෑහෙන ආර්ථික වශයෙන් බල ගන්වලා දුප්පත්කම දුරලන්න ඔවුන් ලොකු කාර්යභාරයක් කරලා තියෙනවා කියන ඒ පිළිගත්ත මතයත් එක්ක ගැටෙන එක කරමින් ඉන්න සහ ඉස්සරහටත් ලොකුවට කරන්න තියෙන දෙයක්. ගොඩක් මිනිස්සු මානව විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයන්, ආර්ථික දේශපාලන විද්‍යාඥයින් මේ ගැන සමීක්ෂණ කරලා තියෙනවා. එක උදාහරණයක් තමයි මොහොමඩ් යුනුස් ඉස්සරින්ම ග්‍රාමීන් බැංකු ක්‍රමය අත්හදා බලන්න පාදක කරගත්ත බංග්ලාදේශය ඒ ගම ගැන අමීනෝ රහුමාන් කරලා තිබෙන රිසර්ච් එක.  ඔහු පෙන්නලා දීලා තියෙනවා ඒ ගමේවත් මේක ඇත්තටම හරියට වෙලා නැහැ කියලා.

ලංකාවේ තත්ත්වය කොහොමද?

විශාල වශයෙන් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට අවධානය යොමු කරන්න පටන් ගත්තේ, උතුරු පළාතේ කාන්තාවෝ, කාන්තා සංවිධාන සහ සමුපකාරවල මැදිහත්වීමෙන් මිනිස්සු පාරට බැහැලා, මේකට විරුද්ධව කරපු උද්ඝෝෂණ එක්ක. ඒ කාලේ ආණ්ඩුවටත් සිද්ධ වුණා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න. ඒකෙ ප්‍රධාන අවස්ථාව තමයි 2018 පාර්ලිමේන්තුවේ විවාදයක් තිබ්බ මයික්‍රෝ ෆයිනෑස් සම්බන්ධව. පාර්ලිමේන්තු විවාදය තුළ මතු වෙච්ච එක කාරණයක් තමයි 2018 වෙනකොට එකසිය හැට අටක් විතර කාන්තාවන් සිය දිවි නසාගෙන ඉන්නවා කියන එක. මේ තත්ත්වය එන්න එන්නම වැඩිවුණා මිසක් අඩුවුණේ නැහැ.

අදාල වීඩියෝව පහතින්…….

Social Sharing

Related posts