කොවිඩ් පාලනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නෙමේ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා නිවැරදි තීන්දු තීරණ නව සෞඛ්‍ය අමාත්‍යවරයාවත් පිටස්තර බලපෑම් වලට යට නොවී ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

කොවිඩ් වසංගතය හැර ලංකාවට පැමිණි සියලුම වසංගත මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාම හොඳින් පාලනය කළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නිවරදි තීරණ ගත්තද එම තීරණ එළියේ ක‍්‍රියාත්මක නොවන බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

එළියේ කොවිඩ් පාලනය කරනු ලබන්නේ සෞඛ්‍ය ගැන නොදන්නා, වෙනත් අවශ්‍යතාවයන් ඇති අය මේ පාලනයට මැදිහත් වෙන බව ඔහු පෙන්වා දෙයි.  වෙන රටවල කොවිඩ් පාලනය කරනු ලබන්නේ සෞඛ්‍ය නිලධාරීන් බවත් නමුත් ලංකාවේ සෞඛ්‍ය නොවන අය මේවාට මැදිහත් වෙමින් තර්ක විතර්ක කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ තීරණ වලට බාධා කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය හැමවිටම විවිධ කැප කිරීම් සිදු කරමින් නිවැරදි තීන්දු තීරණ ගත් අතර නමුත් සෞඛ්‍ය ගැන නොදන්නා පිටස්තර පුද්ගලයින් නිසා සියලු දේට බාධා වු බව ඔහු පවසයි.

ළමුන්ට ලබාදිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති එකම එන්නත් වර්ගය වන ෆයිසර් එන්නත ලංකාවේ  කිසිදු ළමයෙක්ට ලබාදී නොමැති බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ අවුරුදු දෙකක් පුරා පාසල නොදැක නිවසට වී සිටින මේ දරුවන්ට, සාමාන්‍ය පෙළ අවසන් වී මාස අටක් පුරා ප්‍රතිඵල බලා සිටින දරුවන්ට මේ ෆයිසර් එන්නත අහිමි වීම කණගාටුවට කරුණක් බවය.

ලංකාවට ගෙන්වූ ෆයිසර් එන්නත විදේශගත සිසුන්ට ලබා දෙන බව නිශ්චිතවම දන්නා බවත් නමුත් සෙසු එන්නත් ප්‍රමාණය පුත්තලම, මීගමුව ප්‍රදේශ වල ලබා දෙන බවට සමාජ මාධ්‍ය වලින් දුටු බවද ඔහු පවසයි.

එමෙන්ම මේ වන විට ඇන්ටිජන් කට්ටල ගෙන්වීම හා පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීම බරපතල ජාවාරමක් බවට පත්ව ඇති බවද, ඖෂධ නියාමන ජාතික අධිකාරියේ දත්ත ගබඩාව මැකීම මෙම ජාවාරමේ  කුමන්ත‍්‍රණයක් බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

පී.සී.ආර්. පරීක්ෂණයක් රුපියල් දෙදහසකට අඩුවෙන්ද, රුපියල් හයසීයකට, හයසිය පනහකට ඇන්ටිජන් පරීක්ෂාවක් කිරීමට හැකියාව ඇති බවද ජයරුවන් බණ්ඩාර සදහන් කරයි. ගුණාත්මකබවින් යුත් අඩු මිලට ලෝකයේ ඇති එම පරීක්ෂණ කට්ටල ගෙන්වීම මගින් මෙසේ මිල අඩු කළ හැකි බවද, මේ වන විට වැඩි මිලට ඇන්ටිජන් කට්ටල ගෙන්වන විශාල සමාගම්කරුවන් ඒ සදහා ඉඩ ලබා නොදෙන බවද ඔහු කීවේය.

ඔහු මේ බව කියා සිටියේ පෞද්ගලික යු ටියුබ් නාලිකාවක් හා පැවති සාකච්ඡාවකදීය .අදාල වීඩියෝවේ සබැඳිය

Social Sharing
නවතම