වෛද්‍ය ජයරුවන්ගේ හෙළිදරව්ව ගැන විමසීමට ඔහුව අද CID ට කැඳවයි.

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සහ පී.සී.ආර්. කට්ටල ගෙන්වීමේ  බරපතල දූෂණ වංචා සිදුවන බවට සැකයක් ඇතැයි ඇතුලුව කොවිඩ් සම්බන්ධව විශේෂ කරුණු රැසක් හෙළිදරව් කළ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව අද (31) දින  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  කැඳවා ඇත.

පහුගියදා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් සම්බන්ධව මේ වන විට පැන නැඟී ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර තිබුණි. විශේෂයෙන්ම එහි අක්‍රමිකතා ගැන ඔහු කථා කර තිබුණි.

මේ සම්බන්ධව එක්තරා වෛද්‍යවරයෙකු විසින් මොහුට විරුද්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (30) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ් අනුව ඒ් සම්බන්ධව විමර්ශන ආරම්භ කරමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව අද දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

ශානි

Social Sharing
නවතම