මැති ඇමතිවරුන්ට ණය ගෙවාගන්න බැරිනම් සාමාන්‍ය මිනිසුන් ගැන කවර කථාද?- ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය

මේ රටේ මැති ඇමතිවරුන්ට කොවිඩ් අරමුදලට වැටුප දෙන්න බැරි තරම් ඔවුන් ණය වෙලා ඒ්වා ගෙවා ගන්න බැරිව ඉන්නවා නම් මේ රටේ සාමාන්‍ය මිනිහා ලීසිං හා ණය ගැටලු වලට මුහුණ දෙන්නේ කොහොමදැයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ මාධ්‍ය ලේකම් සුමේධ අමරසිංහ මහතා රජයෙන් ප්‍රශ්න කර සිටියි.

රටේ පවතින කොවිඩ් 19 තත්වය යටතේ විරැකියාව ඉහල ගිහින් කියල ජාත්‍යන්තර කම්කරු සංවිධානය කියන අතර  එහෙම තත්ත්වයක් යටතේ අද තියෙන ව්‍යාපාර හා සේවා වලට අදාළ අයගේ රැකියා අති විශාල ප්‍රමාණයක් අවදානමේ පවතින බවත් මේ ලීසිං හා ණය පිලිබඳ ගැටලුව ඉතාමත් දරුණු මට්ටමේ පීඩනයක බවට පත්වෙමින් තිබෙන බවද  ඒ් මහතා පවසයි.

මේ ජනතාව මේ පීඩනය කොච්චර දුරක් යනකන් දරාගෙන ඉඳීද කියා විශ්වාසයක් නොමැති බවත්  රට වහල තිබුන පහුගිය දවස් කීපය තුලත් අනෙක් හැමෝම වැඩ උනත්, මේ ගැටලුවට අදාළ බොහෝ පිරිස් ගෙදරට වෙලා සිටින බව පෙන්වා දෙන ඔහු පවසන්නේ ඔවුන් මේ දිනවල ජීවත් වුයේ  ඊට පෙර දින ටිකේ හම්බ කරගත් සල්ලි වලින් බවය.

දැන් ඒ මුදලුත් අවසන් වී යමින් ඇති බවත්  ඒ අතර මේ මාසය තුලත් ලීසිං, ණය වාරික ගෙවා ගැනීමට මේ ජනතාවට හැකිවේද කියන ප්‍රශ්නය මතුව ඇතැයිද රජය මේ පිළිබඳව මීට වඩා මැදිහත් විය යුතු වුවත් එහෙම වෙන බව පේනතෙක් මානයකවත් නැති බවත් ඔහු පවසයි.

පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිගේ මුලු පඩියම බැංකු වලට කැපී යාමේ කථාව ගැන කථා කළ සුමේධ මහතා විමසා සිටින්නේ  මුලු පඩියම කපල ගන්න ආයතනය මොකක්ද කියල? එහෙම පුලුවන්ද ණය ගන්න?, ණය දෙන්න? ගෙදර අය කන්නේ අහවල් එකෙන්ද?  යන්නය.

සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන අමාරුව මේ අයගේ මේ කතාවෙන්ම ඔප්පු වෙන නමුත් මාධ්‍ය ඉස්සරහට ඇවිත් සාමාන්‍ය මිනිසුන්ට අපිට මේක ගෙවන්න බැහැ කියා VOICE CUT දෙන් නොහැකි බවද රටේ ජනගහනයෙන් වැඩි පිරිසක්, මිලියන 8කට ආසන්න ජනතාවක් දුක් විඳින මේ ප්‍රශ්නයට මේ අවනීතිය හදලදීල තියෙන්නෙත් මේ 225 බවය.

මහ බැංකුවම කියන විදිහට පහුගිය වසරේ ලාබ ලබපු ආයතන ගත්තම උඩින්ම ඉන්නේ බැංකු සහ මුල්‍ය ආයතන වන අතර ඔවුන් ලබපු ලාබය ඊට පෙර අවුරුද්දට සාපේෂව බැලුවම දෙගුණයකට වඩා වෙන බවත්  සමහර ආයතන දස ගුණයක් ලාබ ලබා ඇති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මේ ලාභ ලබන්නේද කෝවිඩ් තත්වය තුල බවය.

ඒ් මේ සියලුම මුල්‍ය ආයතන හා බැංකු පොදු මහජනතාවගේ රීරි මාංශය උරා බී එලෙස ආදායම් බලා ඇති බවත් ලබාදෙන සහන අස්සෙත් GAME ගහල කර ඇති බවද ඔහු අවධාරණය කර සිටියි.

ඔහු මේ බව කියා සිටියේ ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය විසින් පැවැත් වු මාධ්‍ය හමුවකදීය. මෙහිදි සංගමයේ ලේකම් අසංක රුවන් පොතුපිටිය, කැදවුම්කරු සංජය මහවත්ත යන අයද අදහස් දැක්වුහ.

 

 

Social Sharing
නවතම