පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ අර්බුදයට මහ සඟරුවනත්!

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ රළපනා ගල් ඉවත් කර ඇවිදින මං තීරුවක් ඉදි කිරීමට විරෝධය පා පොලොන්නරුවේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය වැව් බැම්ම මතට පැමිණ අද (27) පෙරවරුවේ  විරෝධතාවක නිරත වූහ.

උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කදුරුවෙල ජයන්තී විහාරාධිපති පූජ්‍යපාද කදුරුවෙල ධම්මපාල නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය එම විරෝධතාව දැක්වූහ.

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට හානියක් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවත් ඒ වෙනුවෙන් එන ඕනෑම බලවේගයක් පරාජය කිරීමට දිවි හිමියෙන් කැපවන බවත් මහා සංඝයාවහන්සේ වැව් බැම්මේ දී සපතකර සිටියහ.

දැනටමත් බැකෝ යන්ත්‍ර යොදා සිදුකරන රළපනා ගල් ඉවත් කිරීම වහා ම නවතා දමන ලෙසත් එම යන්ත්‍රෝපකරණ ඉවත් කරන තෙක් එම ස්ථානයෙන් නොයන බවත් මහා සංඝරත්නය පැවසූහ.මෙම තත්ත්වයත් සමග පොලොන්නරුව් කලාප භාර වාරි මාර් ග අධ්‍යක්ෂ  එල්.එම්.ඩබ්.රත්නසිරි මහතා සහ පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන වාරි ඉන්ජිනේරු අසේල උදයංග යන මහත්වරුන් එම ස්ථානයට පැමිණ කරුණු පැහැදිලි කළ හ.එහි දී මහා සංඝරත්නය අවධාරණය කළේ පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මට අත නොතබන ලෙසයි.එහි දී මහා සංඝරත්නයත් නිලධාරිනුත් අතර වචන හුවමාරුවක් ද සිදු විය.පසුව එම ස්ථානයට පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර් මසිරි මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ද පැමිණිය හ.එහි දී ද මහා සංඝ රත්නය දන්වා සිටියේ වහාම මෙම ව්‍යාපෘතිය අකුලා ගන්නා ලෙසත් මේ මොහොතේම සියලු යන්ත්‍රසූත්‍ර වැව් බැම්මෙන් ඉවත් කර ගන්නා ලෙසත් ය.

කෙසේ වෙතත් මහා සංඝරත්නයේ හඩට ඇහුම්කන් දෙමින් දිසාපතිවරයා පැවසුවේ මේ පිළිබදව සාකච්ඡාකර තීරණයක් ගැනීමට සාකච්ඡාව්ක් කැදවන බවයි.මහා සංඝරත්නය පෙන්වා දුන්නේ දැනටමත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ තැනින් තැන ඉරිතලා යාම් ගැන සොයා බලා බැම්ම ශක්තිමත් කිරීම සිදුකරන ලෙසත් ඇවිදින මං තීරු අවශ්‍ය ම නම් වැව් බැම්මෙන් පහළ බැම්මට පිටින් එම මංතීරු ඉදිකරගන්නා ලෙසත් ය.තවද වැව් බැම්මට අත නොතබන ලෙසත් එසේ අත තැබීමට ක්‍රියා කළ හොත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ම ජනතාව වැව් බැම්මට කැදවා හෝ මේ සදහා දැඩි විරෝධයක් දක්වන බවයි.ඒ සදහා එල්ලවන ඕනෑම බලවේගයක් දිවිහිමියෙන් පරාජය කර මහ පැරකුම් සමුදුරු බැම්මේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව ය.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කදුරුවෙල ජයන්තී විහාරාධිපති පූජ්‍යපාද කදුරුවෙල ධම්මපාල නාහිමියන් වහන්සේ ද උතුරු නැගෙනහිර හා තමන්කඩුව පළාතේ ද්විතියක අධිකරණ සංඝනායක පූජ්‍ය යටිහලගල උපතිස්ස නාහිමි ඇතුළු මහා සංඝරත්නය නිලධාරින් සමග හා පාර් ලිමේන්තු මන්ත්‍රීවරයා සමග තත්ත්වය පිළිබදව අදහස් පළකරන අන්දම හා එම විරෝධතාවේ   අවස්ථා

Social Sharing
නවතම