කොවිඩ් බොඩි බෑග් මිලදි ගන්න තවත් ටෙන්ඩරයක් !

කොවිඩ් මෘතදේහ බහාලීම සඳහා යොදාගන්නා තවත් බොඩි බෑග් 15000ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි පැවසේ.

මෙතෙක් පාවිච්චි කළ බොඩි බෑග් තත්ත්වයෙන් බාල බවට නව ටෙන්ඩර් සඳහා පත්කළ තාක්ෂණ ඇගයීම් කමිටුව තීරණය කිරීම නිසා බොඩි බෑග් 5000ක් චීනයෙන් ගෙන්වීමට අවසර ලැබී ඇත. දැනට ටෙන්ඩර් කැඳවූ බොඩි බෑග් 5000ට අමතරව තවත් දසදහසක් සඳහා ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අලුතින් ටෙන්ඩර් කැඳවූ පන්දහස මෙරටට ගෙන එනතුරු ටෙන්ඩර් කමිටුවෙන් අනුමත නොවූ කලින් සමාගමටම ඒ සඳහා බොඩි බෑග් සැපයීමට අනුමැතිය ලබාදී ඇත.

මීට පෙරද 2020 වසරේ දී ලංකාවට මෙලෙස බොඩි බෑග් කවර ගෙන්වා තිබුණි. මෙය එකල ආන්දෝලනයක් ඇති කිරිමට තුඩු දුන් කරුණක් විය.

ශානි

Social Sharing
නවතම