තනි සිදුවීම් සඳහා විසඳුම්  ගැනීමේ  සිට  පද්ධතිමය ප්‍රවේශයක් ඔස්සේ  ජාතික ගැටළුව විසඳීම අවශ්‍යයි – ආචාර්ය ජෙහාන් පෙරේරා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන ලද කතාව සන්සුන් භාවය සංකේතවත් කරන පුරාණ බෞද්ධ ස්මාරකයක් සහිත හරිත භූ දර්ශනයක් ඇති සන්සුන් පරිසරයක ඉදිරිපත් කරන ලද ප්‍රවේශමෙන් කරන ලද තිර රචනයකි. එය සම්ප්‍රේෂණය කරනු ලැබුවේ රාජ්‍ය බලය විදහා දැක්වීමකින් තොරවය, කොටින්ම ජාතික ධජය පවා නොමැතිවය. එය ජනාධිපතිවරයාගේ අවංක පෞරුෂය ප්‍රක්ෂේපණය කිරීමට සහ ජනතාවගේ සානුකම්පිත සහයෝගය ලබා ගැනීමට ගත් උත්සාහයක් බව පෙනේ.  මෑත මාසකිහිපය තුලදී ජනාධිපතිවරයාට  සමාජ මාධ්‍යවල දැඩි විවේචන එල්ලවෙමින් පැවති අතර එම තත්වය  රජයේ පාලනයට නතු කර ගත නොහැකි විය.  බොහෝ විවේචන රෝපණය කරනු ලබන්නේ අසාර්ථක වන ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන දේශපාලන විරුද්ධවාදීන් විසිනි. විවේචනයේ සැලකිය යුතු කොටසක් ජනාධිපතිවරයාට ඡන්දය දුන් නමුත් ඔහුගේ පොරොන්දුව සහ ඔවුන්ගේ ජීවමාන යථාර්ථය අතර කලකිරී සිටින අය බව පෙනේ. යථාර්ථය වන්නේ, අපේක්ෂා භංගත්වයේ හැඟීමක් රට ග්‍රහණය කර ගෙන ඇති තත්වයක් උදගත වී ඇති බවයි.

බොහෝ බලාපොරොත්තු සහ පොරොන්දු එකතු වී  ඇති කොළඹ වරාය නගරය ආරම්භ කිරීම පවා ශුභවාදී හැඟීමක් මතුවීමට හේතු වී නැත. අනාගතය පිළිබඳ සිහින වලට වඩා ආර්ථිකය කඩාගෙන වැටීම වඩාත් ප්‍රමුඛ ස්ථානයක් ගනී. කොවිඩ් වෛරසය පැතිරීම ගෝලීය ප්‍රපංචයකි, නමුත් ශ්‍රී ලංකාව දැන් සමාජ සුභසාධන කාරණා සම්බන්ධයෙන් අතීතයේ පැවති පුරෝගාමී තත්වය  නොවී දරුණුතම බලපෑමට ලක්වූ රටක් ලෙස පෙනේ. පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්වූ රටකට බංගලාදේශයේ අතිරික්ත විදේශ සංචිත වලින් ණයට ගැනීමට සිදුවීම  ඉතා අමිහිරි අත්දැකීමකි. රජයක්  වෙනස් වීමකින්  ඉක්මන් විසඳුමක් ද නැත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් රජයට තිබුණත් එහි ක්‍රියාකාරීත්වයේ අඩුපාඩු නොසලකා  සමස්ත ධුර කාලයම රැදී සිටින අතර සහ  රට තව දුරටත් ණය බරින් පීඩිත වීම වලක්වා නොමැත.

මෙම අඳුරු වාතාවරණය තුළ බලාපොරොත්තුවේ දීප්තිය පැමිණෙන්නේ අනපේක්ෂිත කාර්තුවකිනි. ජනවාර්ගික ගැටුම සඳහා ඵලදායී ප්‍රවේශයක් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ නිදහස ලබා ගත  කාලයේ සිට  දිගු කලක් තිස්සේ පවතින දුර්වලතාවයකි. දීර්ඝ කාලීනව රදවාගත් LTTE රැඳවියන් 16 දෙනෙකු ඔවුන්ගේ දීර්ඝකාලීන සිර  දඩුවමෙන් නිදහස් කිරීම අති විශේෂ සිදුවීමකි.  කෙසේ වෙතත් එය  ඵලදායී ප්‍රතිඵලයකට තුඩු දීමට නම් එය තනි සිදුවීමක් ලෙස පැවතිය නොහැක. කිසිඳු විරෝධතාවයකින් තොරව මෙම නිදහස් කිරීම සිදුවීම ශ්‍රී ලාංකික ජන විඥානයේ පරිණාමයේ සලකුණක් වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ ඔහුගේ රජයේ නියෝජිතයින්ගේ පෞරුෂය පිළිබඳ ජනයාගේ විශ්වාසය ප්‍රකාශ කිරීමකි. වෙනත් රජයක  නායකත්වයක් ඒ හා සමාන විධායක නියෝගයකට අත්සන් තබා LTTE සැකකරුවන් නිදහස් කර ඇත්නම්, රටේ ආරක්ෂාව අඩපණ වී ඇති බවට එම ප්‍රදේශවලම විරෝධයක් එල්ල වීමට ඉඩ තිබුණි.

මාවත වෙනස් කිරීම  

ආසන 705 කින් යුත් යුරෝපා පාර්ලිමේන්තුවේ ඡන්ද 628 සිට 15 දක්වා විශාල බහුතරයකින් යුරෝපා සංගම් පාර්ලිමේන්තු යෝජනාව සම්මත වීමෙන් පසුව පශ්චාත්-යුද ප්‍රතිසන්ධානය පිළිබඳ ප්‍රවේශය වෙනස් කිරීමට රජය  තීරණය කර  තිබේ. හුදෙක් එක් පුද්ගලයෙකු හෝ පුද්ගලයින් දෙදෙනෙක්  නොව යුරෝපීය රටවල් 27 ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අති බහුතරයක්  මේ ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ කර තිබීම නිසා මෙම කාරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ මතය වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කළ යුතු  කර්තව්‍යය පිළිබඳව ඇස් ඇරීමක් සිදුව ඇත.

මේ වසරේ ජුනි මාසයේදී යුරෝපා සංගම් යෝජනාව ඔවුන්ගෙන් ඉදිරිපත් වූ යෝජනා හතරෙහි අවසන් යෝජනා මාලාවයි.  එය ආරම්භ වුයේ,  2021 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙනි.  ඉන් අනතුරුව එක්සත් ජනපද කොන්ග්‍රසයට මැයි මාසයේ දී ඉදිරිපත් කරන ලද ඔන්ටාරියෝ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ජන සංහාරක යෝජනාවද එයට සහයෝගය දක්වන කරුණු ඉදිරිපත් කරන ලදී.

අන්තර්ජාතික වශයෙන් මේ සියලු අවස්ථාවන්හි යථාර්ථය නම්, ශ්‍රී ලංකාව විවේචනය කිරීමට කැමති අය මේ කාරනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කරන සෑම අවස්ථාවකම විශාල ජයග්‍රහණයක් ලබා ඇති බවයි. යුරෝපා සංගම් යෝජනාවෙන් ජාත්‍යන්තර සහයෝගය සැළකිය යුතු ලෙස අඩු වී ඇතිබව පැහැදිලි වේ. එම නිසා යුරෝපා සංගමයේ සම්බාධක සහ  ඒවා උත්සන්න වීම වැළැක්වීම සඳහා පිළියම් යෙදීමට රජයට සිදු වී  තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව මගින් මානව හිමිකම් අධීක්ෂණය හා වගවීම පිළිබඳ ක්‍රියාවලියක් දිගු කාලීන ඇඟවුම් සහිතව සකස් කරන ලදී. අනෙක් අතට යුරෝපා සංගම් යෝජනාව මගින්  GSP+ බදු සහනය ඉවත් කර ගැනීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකය වහාම දුර්වල කිරීමේ හැකියාව ඇත. මීට පෙර 2010 දී GSP+ අහිමි වීමේ අත්දැකීම් රජයට ලැබී තිබේ. යුද්ධය ඒ  වන විට අවසන් වී තිබු නිසා සියලු ආර්ථික දර්ශක ඉහළ නැංවීමට නියමිතව තිබූ හෙයින් එකලද ආර්ථිකය ඉතා දුර්වල තත්වයක පැවතුණත්, වර්තමානයේ පවතින තත්වයට වඩා හොඳ හැඩයකින් පැවතුණි.

LTTE රැඳවියන් 16 දෙනා නිදහස් කිරීමට රජය ගත් තීරණය සහ ඒ සම්බන්ධයෙන්  මතභේද හෝ විරෝධතා ඇති නොකර ඔවුන් නිදහස් කිරීමට හැකියාවක් පැවතීම  පශ්චාත් යුධ සංහිඳියාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ ධනාත්මක ඇඟවීමකි.

අවාසනාවකට මෙන්, මෙම නිදහස් කිරීම ශේෂ්ඨාධිකරණයේ පස් විනිසුරු මඩුල්ලක් විසින් තීරණය කළ  මිනී මැරුම් චෝදනාවට ලක්ව සිරගතව සිටි  දේශපාලන සගයකුගේ සමාව දීම හා සම්බන්ධ මතභේදයෙන් තුලින් ඍණාත්මක ලෙස යටපත් විය. අනෙක් අතට, LTTE රැඳවියන් නිදහස් කිරීමත් සමඟ  එක් ප්‍රජාවක ඇති වූ ධනාත්මක ආකල්ප නිසා  මුළු සමාජයේම  ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම සඳහා එමගින් වේදිකාව සැකසිය හැකිය. මෙම සිදුවීම තනි සිදුවීමක් නොවිය යුතු අතර, යුක්තිය හා සංහිඳියාව එකම ආකාරයකින් අනුගමනය කිරීමට ඉදිරි ක්‍රියාමාර්ග සඳහා වේදිකාව සැකසිය යුතුය. ඒ හා සමාන ස්ථානවල සිටින විශාල පිරිසක් දිගටම අත්අඩංගුවේ පසුවන අතර, ඔවුන්ගේ නඩු ද සමාන අනුකම්පාවෙන් සලකා බැලිය යුතුය.

විශේෂ විවාදය

පාර්ලිමේන්තුවේදී සිදු වූ කෙටි විවාදය සහ ඒ ඔස්සේ  LTTE රැඳවියන් නිදහස් කිරීම සඳහා වේදිකාව සකසා ගැනීම 1950 දශකයේ සිට හැ  2009 යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාව කොතරම් වෙනස් වී ඇත්ද යන්න සංකේතවත් කරයි.  විවාදයේ ගුණාත්මකභාවය ප්‍රශ්නයකි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී විවාදය මතු කරන ලද්දේ සිරගෙදරදී ඔහුගේ පෞද්ගලික අත්දැකීම් ගැන සම්බන්ධ කරමිනි. සිරගෙදරදී, නඩු විභාගයකින් තොරව හෝ අධිකරණ ක්‍රියාවලියට යොමු නොවී වසර ගණනාවක් සිරගතව සිටි තරුණ තරුණියන්ගේ නාස්තිය ඔහු දුටු බව පැවසීය. සමාජ  විපරිවර්තනයේ මොහොත දැන් උදා වී ඇති බවත් ඒ සදහා ක්‍රියාත්මක විය යුතු බවත්,  හුදෙක් එක් සිදුවීමක ප්‍රගතිය මත සමස්ථ ක්‍රියාවලියේ විපරිවර්තනයක්  නොවන බව කීම අතිශයෝක්තියක් නොවේ. ජනවාර්ගික ගැටුම හා ඒ පිළිබඳ විවිධ මතයන් විසඳා ගැනීමට සහ සම්මුතිවාදී විසඳුමක් ඇති කිරීමට රජයට හැකි නම්, අනාගත සාර්ථකත්වය සහතික වේ.

එදින පාර්ලිමේන්තුවේදී, යුධ සමයේ සිටි හමුදාපති කමාන්ඩර් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ප්‍රතිචාරය වුයේ ද ඔහු අසාධාරණ ලෙස සිරගත් කෙරු යුගයෙහි අත්දැකීම් ය. ඔහුව මැරීමට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු ගැන ඔහු සඳහන් කළේය. ඔහුගේ නඩුව උසාවියේදී තීන්දු නොකර ඇති නමුත් ඔහු දිගටම සිරගත කරනු ලැබීය. හිටපු හමුදාපතිතුමා තවදුරටත් කියා සිටියේ මෙම LTTE සාමාජිකයා ප්‍රමාණවත් දඩුවම් විද ඇති නිසා ඔහුව නිදහස් කිරීමට ද කාලය පැමිණ ඇති බවයි. මෙම  විවාදය පෞද්ගලික් අත්දැකීම් මත පදනම් කරගෙන ආකර්ෂණීයව  චලනය වූ අතර LTTE රැඳවියන් නිදහස් කිරීමේ අවශ්‍යතාවය වඩාත් තීව්‍ර විය.

එදින පාර්ලිමේන්තුවේදී කතා කළ අය පෙන්වා දුන්නේ නඩු විභාගයකින් තොරව මෙම දීර්ඝ කාලීන රැඳවුම් භාරයේ සිටින සිරකරුවන්ට මුලික හේතුව වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත PTA බවය. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල වැදගත්කමක් ඇති සහනය වන  PTA ප්ලස් ගාස්තුව ඉවත්  කරන ලෙස යුරෝපා සංගම් පාර්ලිමේන්තුව විසින් ගෙන ඇති යෝජනවේ මුල බීජය බවත් සදහන් විය.  විනිසුරුවරුන්ගෙන් ඇප ලබා ගැනීමේ හැකියාවක් නොමැතිව වරෙන්තුවක් නොමැතිව සැකකරුවන් රඳවා තබා ගැනීමට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත  අවසර දෙයි. රජය විසින් ගන්නා තීරණයකට පමණයි එම තත්වය වැළක්විය හැක්කේ. මෙම නීතිය LTTE සැකකරුවන් සම්බන්ධයෙන් පමණක් නොව, JVP කැරැල්ලේදී සහ වඩාත් මෑතකදී පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු සැකකරුවන් සිරගත කිරීම සඳහා දහ සහ බලයේ සිටින රජය විවේචනය කරන දේශපාලන අදහස් දරන්නන් සිර ගත කිරීමට ද භාවිතා කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කිරීම හැ දැන් අවසන් වී ඇති යුද්ධයට හේතුවක් වූ  සටන්කරුවන් වූ අයට සමාව දීම මගින් එසේ කළ හැකි බව අවධාරණය විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එකට එක්ව මෙම  දිගු ලේ වැගිරෙන හා අර්ධ සංවර්ධිත රට විපරිවර්තනය කිරීමේ ක්‍රියාදාමය කිරීමට  ප්‍රජාවන් අතර එකමුතුභාවය සියල්ලට  ප්‍රථමයෙන් තහවුරු කිරීමට හැකිය.

ආචාර්ය ජෙහාන් පෙරේරා

ජාතික සාම සභාවේ විධායක අධ්‍යක්ෂ

Social Sharing
නවතම විශේෂාංග