
ලෝකයේ ඕනෑම රටක අභ්‍යන්තර ආරක්ෂාව මනිනු ලබන ප්‍රධාන දර්ශකයන් කිහිපයක් තිබෙනවා ඒවා අතර ලෝක අපරාධ දර්ශකය (World Crime Index) වගේම නිම්බෝ අපරාධ දර්ශකයත් (Numbeo Crime Index) -ලෝක සංවිධානාත්මක අපරාධ දර්ශකයත් (Global Organized Crime Index) ප්‍රමුඛත්වය හිලා සලකනු ලබනවා
ලෝක අපරාධ දර්ශකයට අනුව ලොව අනාරක්ෂිතම රටවල් 10 පහත පරිදි පෙලගැස්විය හැකියි.
- පපුවා නිව්ගිනිවාව
- වෙනුසියුලාව
- හයිටි
- ඇෆගනිස්ථානය
- දකුණු අප්‍රිකාව
- හටාන්ඩුරාස්
- ට්‍රිනිඩෑඩ් සහ ටොබෝගෝ
- සිරියාව
- ජැමෙයිකාව
- ගයනාව
එසේම මෙම දර්ශකයට අනුව ලොව වඩාත්ම ආරක්ෂිත රටවල් 5 ලෙස හදුනාගෙන ඇත්තේ
- අයිස්ලන්තය
- අයර්ලන්තය
- නෝර්වේ
- එක්සත් අරාබි එමීර් රාජ්‍ය
- ඇන්ඩෝරාව යන රටවලුයි.
නුම්බියෝ අපරාධ දර්ශකයට අනුවද ලොව අනාරක්ෂිතම රටවල් ලෙස ඉහතින් දක්වන දර්ශකයේ සදහන් රටවල් 10 ඒ ලෙසම දක්වා ඇති අතර එම දර්ශකය විසින් ලොව ආරක්ෂිතම රටවල් ලෙස පමණක් පිලිවෙලින් අන්ඩෝරාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාරය, ස්විස්ටර්ලන්තය සහ නෝර්වේ යන රටවල් දක්වා තිබෙනවා.

ලෝක සංවිධානාත්මක අපරාධ දර්ශකය (Global Organized Crime Index) සකස් කිරීමේදී සංවිධානාත්මක අපරාධ ලෙස සැලකෙන මනුෂ්‍ය ඝාතන, කප්පම් ලබාගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම, මුදල් විශූධිකරණය, රාජ්‍ය සම්පත් කොල්ලකෑම වැනි අපරාධයන් එම රටවල ජනතාව මෙන්ම සාමාන්‍ය ජන ජීවිතය මත සිදු කෙරෙන බලපෑම් මෙන්ම එම රටවල පාලකයන් එම අපරාධ වැලැක්වීම සහ පාලනය සම්බන්ධව ගෙන ඇති සාධනීය පියවරවල් සම්බන්ධවද සලකා බලා ඇති අතර මෙම දර්ශකයට අනුව රටවල් 193 ක් අතරින් මෙම තත්වය දරැණු ලෙසම බලපානු ලබන රාජ්‍යයන් 10 ලෙස මියන්මාරය, කොලොම්බියා, මැක්සිකෝව, ඉක්වදෝරය, පැරගුවේ,කොංගෝව, දකුණු අප්‍රිකාව, නයිජීරියාව, ලෙබනනය සහ තුර්කිය නම්කර තිබෙනවා. මෙම දර්ශකයේ සදහන් රටවල් 193 අතරින් ශ්‍රීලංකාව 103 වන ස්ථානයේ රැදී සිටින අතර මෙම තත්වය දකුණු ආසියානු රටවල දර්ශකයට ආදේශ කලවිට රටවල් 8 න් අපට හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි.
ලෝක අපරාධ දර්ශකය මෙන්ම නිම්බියෝ දර්ශකයටද අනුව ශ්‍රී ලංකාව ලකුණු 42.38 ක් හිමිකර ගනිමින් මධ්‍යස්ථ ස්ථානයක (Moderate Position) පසුවන අතර දකුණු ආසියානු රටවල් සමග සැසදීමේදී අප දෙවෙනි වී ඇත්තේ මාලදිවයිනට පමණයි. මෙහිදී ඇෆ්ගනිස්ථානය ලකුණු 74.8 ලබමින් අවසන් ස්ථානයේ රැදී සිටින අතර ඉංදියාව ලකුණු 44.45 ලබාගෙන අපට පසුපසින් සිටිනවා. මෙම දර්ශකයට අනුව දකුණු ආසියාවේ ආරක්ෂිතම රටවල් දෙක ලෙස මාලදිවයින සහ ශ්‍රීලංකාව සලකනු ලබනවා.
මෙහිදී අපට දැකගත හැකි හාස්‍යජනකම තත්වය වන්නේ ශ්‍රී ලංකාව ලෝක සංවිධානාත්මක අපරාධ දර්ශකයට අනුව 103/193 තත්වයට ඇද දැමීමට මුල්වී ඇති ප්‍රධානම සාධකය ලෙස සැලකෙන මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැදුණු සියළුම සංවිධානාත්මක අපරාධ වල මහ මොලකරැවන් සියල්ල සෑම අතින්ම ලොව ආරක්ෂිතම රටක් ලෙස නම්කර ඇති එක්සත් අරාබි එමීර් රාජ්යේ සිට එම සියළුම අපරාධ මෙහෙයවීමයි.
