නන්දන ගුණතිලක මැතිතුමාට දකුණු ඉවුරේ ආචාරය – නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

නන්දන ගුණතිලක මැතිතුමාගේ දේශපාලන රූපාන්තරණය.. ඔහු ලංකාවේ රැඩිකල් විප්ලවකාරී වමෙන් දේශපාලනය ආරම්භ කළේය. රෝහණ විජේවීරගේ උරුමය නියෝජනය කළේය. එහි අනුත්තර නායකයා හා කණ්ඩායම් ස්ථාපිත ව්‍යවස්ථාපිත ධනේශ්වර දක්ෂිණාංශික පාලනය විසින් අවසන් කිරීමෙන් පසු නැවත එය ප්‍රතිස්ථාපනය කිරීමට නැවත එම පක්ෂය ලංකාවේ දේශපාලන සිතියමට ඇතුළත් කිරීමට අප්‍රතිහත කැපකිරීම් කරමින් ප්‍රතිනිර්මාණය කිරීමට කැපවිය. ලංකාවේ ජනවාර්ගික බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා හිටපු මහ ලේකම් ලයනල් බෝපගේ ප්‍රතිපත්තිය හා මතවාදය උපාය මාර්ගය වෙනුවට රෝහණ විජේවීරගේ උරුමය නියෝජනය කරමින් දේශප්‍රේමි ජාතිකවාදී කඳවුර සමග සිට ගනිමින් රට පිළිබඳ තීරණාත්මක මොහොතකදී තමන් ගොඩනැගූ පක්ෂයෙන් කන්ඩනය විය. එතැන් සිට ඔහු එම පක්ෂයට ද්‍රෝහියෙක් සතුරෙක් විය.

එතනින් විතැන් වූ ඔහු දේශප්‍රේමී ජාතිකවාදී වාම ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කළේය. ඔහු වමෙන් ජාතිකවාදයට රූපාන්තරණය විය. රාජපක්ෂවාදය හා ජාතිකවාදය අතර ඇති ඌ ගර්ශනයෙන් ඔහු එතනින්ද ඉවත් වී බහුජන පෙරමුණු හා ආවරණ සංවිධාන ඔස්සේ පළමු පෙරමුණින් නැවත දේශපාලන සමීකරණයට ඇතුල් වී 2015 ජනවාරි අට පෙරළියට දායකත්වය ලබා දුන්නේය. යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය පිටුදැකීම හරහා ඇරඹුණු මැද දකුණේ දේශපාලනයේ ඔහුගේ නැවතුම වුණේ ඔහුගේ දේශපාලන පරිණාමීය ක්‍රියාවලියේ නියමය නියමිත පරිදිම නැවතුම සලකුණු කරේ ලංකාවේ මහා සම්ප්‍රදාය නියෝජනය කළ දක්ෂිනාංශික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ මහ ගෙදර වන එක්සත් ජාතික පක්ෂයේය. එහි වගකීම් තනතුරු දරමින් පක්ෂය වෙනුවෙන් තම හැකියාව කුසලතාවය කාලය ධනය ශ්‍රමය ඔහු කැප කළේය.

වමෙන් උරුම කරගත් වටිනාකම් හා දක්ෂිණාංශික දේශපාලනය වටිනාකම් හා සංස්කෘතිය සමග නොගැළපීම් තිබුණද නොවැසිලිමත් හා ආවේගශීලී භාවයන් උරුම කරගත්තද ඔහු අවසාන වශයෙන් තම පවුලේ පිය උරුමයෙන් හිමි ඌ සමාජ දේශපාලන පසුබිමෙන් උරුම ඌ නියමිත තැන නැවත දෙපා තබාගත්තේය. ඔහුගේ හිස ඇඟ දක්ෂිණාංශික දේශපාලනයට ගැලපෙන ලෙස පරිවර්තනය වූයේදැයි අප සිතා බැලිය යුතුය. තමන්ගේ දේශපාලනේ ෆස්ට් ෆිලෝසොපියෙන් ගැලවී කන්ඩනය වි රෝහණ විජේවීරගේ උරුමයෙන් ගොඩනැගූ පක්ෂයේ අතීත වීරත්වයෙන් උරුමෙන් හා අතීත කාමයෙන් වැඩ කලාවෙන් ගැලවීමට ඔහුට හැකි වූයේදැයි අප මැදහත්ව සිතා බැලිය යුතුව ඇත. කෙසේ වෙතත් ඔහු අවසාන වශයෙන් දක්ෂිණාංශික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කොළපාට සමාජයේ දේශපාලනය නියෝජනය කරන දකුණු කඳවුරේ සිට ගත් අතර වාම ප්‍රතිවාදින්ට ප්‍රති ජාතිකවාදීන්ට ෆෙඩරල්වාදීන්ට එරෙහිව පෙනී සිටිමින් තම කථිකත්වය දැනුම භාවිතාව පවතින දේශපාලන සන්ධර්භය තුළ ඔහු විශාල තීව්‍රතාවයකින් යෙද වූයේය. එම කැපකිරීම් අමිලය. ඔහු දක්ෂිණාංශික කඳවුරට සිටි ප්‍රතිවාදී දේශපාලනේ මුල මැද අග සහ පරිමාව දිග පළල දන්නා අපට සිටි දේශපාලන බර අවියකි.

එක්සත් ජාතික පක්ෂයේ තීන්දු තීරණ ගන්නා කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කළේය. ඔහුට තමන් සිටි පැරණි ජනතා විමුක්ති පෙරමුණෙන් හෝ එයින් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් හෝ විප්ලවීය ආචාර්ය හිමිවන්නේ නැත. ඒ උන්ගේ සදාචාරයයි.ලාංකීය දේශප්‍රේමී ජාතිකවාදී කඳවුරේ ගෞරවය ආචාර්ය ඔහුට නිතැතින්ම හිමි වේ. මේ අපේ සදාචාරයයි. තම දේශපාලන රූපාන්තරණයේ නියමිත පරිදි කාලානුරූපව යථාර්ථවාදී නිවැරදි දක්ෂිණාංශික දේශපාලන ආර්ථික දර්ශනය නියෝජනය කළ තැන අවසාන වශයෙන් සිටගත් එතැන සිට තම දිවි ගමන නිමා කළ අද දින දැන් සමුගන්නා නන්දන ගුණතිලක මැතිතුමාට දක්ෂිණාංශික කඳවුරේ ආදරය ගෞරවාදරය මුසු වූ ආචාර්ය පුදකර සිටිමි!

අපගේ බෞද්ධ වටිනාකම අනුව එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි

Social Sharing
පුවත් විශේෂාංග