
ඉෂාරා සෙව්වන්දි තව කොච්චර දේ කියන්නට ඇද්ද? ඒ අතරින්, ගනේමුල්ල සංජීව ඝාතනය කරපු දවසෙ උසාවියෙ වෙච්ච මේ දේ පිළිබඳ කියන කතාව කිසිම වැදගැම්මකට නැති එකක්. ඒ වුණාට පොලිසිය ඒක තමයි මාධ්‍යවලට ඉදිරිපත් කරන්නෙ. මේ කරන්නෙ වන්නිනායක වලියෙ ඇරියස් එකක් පියවාගන්න නීතීඥවරුන්ට එරෙහිව සමාජයේ පිළිකුලක් නිර්මාණය කරන එක. හැබැයි, හිතන්න එපා ඒක වන්නිනායක වලියට සීමාවෙනවා කියලා.
නිර්ප්‍රභූ ජවිපෙ පොලිස්පතිත් නීතීඥවරයෙක්නෙ. ඇයි ඔහු මෙවැනි දේ කරන්නෙ? අන්න ඒක තේරුම් ගැනීම ඉතාම වැදගත්.
මේක ජවිපෙ පොලිස්පතිගෙ විතරක් නෙමෙයි ආණ්ඩු කරන ජනතා විමුක්ති පෙරමුණ නම් පක්ෂෙම මතවාදය. ඒ මතවාදය තුළ ඔවුන් එක පැත්තකින් නීතීඥවරුන් වගේ ප්‍රභූ වෘත්තිකයන් බලු කරනවා.
අනෙක් පැත්තෙන් ටී.බී. සරත් වගේ ඇමතිවරුන් ඉෂාරා සෙව්වන්දි, මාකඳුරේ මධූෂ් වගේ පාතාල අපරාධකාරයන් වීරයන් කරනවා. ඇයි ඒ? ඔවුන් සමාජ වැරදි නිසා නොමග ගිය දක්ෂ මිනිසුන් යයි හුවා දක්වනවා. මාර දක්ෂකම් ඒවා නම්! ජවිපෙ ඉන්නෙත් එවැනි දක්ෂයන් තමයි.
ජවිපෙ මේ පසුකරමින් ඉන්නෙ සංක්‍රාන්තික අවධියක්. ඔවුන් කරමින් ඉන්නෙ නව ප්‍රභූ තන්ත්රයක් නිර්මාණය කරන එක. පීසී පොලිස්පතිගෙ සිට ඉටිරෙදි කුස්සියෙන් ආපු හෑවගේලා දක්වා ආපු දුක දිනා ජයගත් නව ප්‍රභූ තන්ත්රයක් මතුව එනවා. බලාපොරොත්තුවෙන් ඉන්න. ඔවුන් ස්ථාපිත වෙනකල් ඔවුන් පැරණි ස්ථාපිතයන්ට කුළුගෙඩි පහර දෙන එක නවත්තන්නෙ නැහැ.

රූබිකොන් නදී තරණයේ කතාව මතක් කළේ නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස්. සාලියලා තමයි, ප්‍රභූ නීතීඥ වෘත්තිය කැරැලිකරුවන් වෙනුවෙන් උසාවියේ නීතීඥයන් අත්පොළසන් දෙන මට්ටම දක්වා පිරිහෙළුවෙ. බල්ලොත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්ක තමයි නීතීඥ මහත්වරුනි.
පැරණී ප්‍රභූන් වෙනුවට නැගිටින අලුත් ප්රභූන්ගේ සංස්කෘතිය ගොඩක් වෙනස් වෙයි. තිබුණු එක රීසෙට් කරගන්න ඕනැ නම් තවමත් යම් අවස්ථාවක් තියෙනවා. හැබැයි තිබුණු විදියටම නම් බැහැ.
