ලෝක සාහිත්‍යය කණපිට හරවන නූතන අප්‍රිකානු ලේඛකයෝ

ලෝකයේ විවිධ රටවල, විවිධ කලාපවල සංස්කෘති මෙන්ම සාහිත්‍යයන් විචිත්‍රවත් . එවැනි සාහිත්‍යයන් සොයා ගිය ලිපිමාලාවක අද ලිපිය වෙන්වන්නේ අප්‍රිකානු කලාපයට . අප්‍රිකාව මෙන්ම අප්‍රිකානු සාහිත්‍යය විචිත්‍රවත් , විවිධ . විශේෂයෙන්ගෝත්‍රික සමාජ මගින් සාහිත්‍යය මෙන්ම පසුකාලීනව බටහිර බලපෑමෙන් මෙන්ම විවිධ රටවලට සංක්‍රමණය වූ අප්‍රිකානුජනතාවගෙන් මෙන්ම වහල් සේවය සඳහා රැගෙන ගිය කටුක දුක් විඳි ජනතාවගේ ප්‍රකාශනයන් ලෙස අප්‍රිකානු සාහිත්‍යය වර්ණගැන්වී ඇත. 2021 වසර අප්‍රිකානු කලාපයේ සාහිත්‍යයට උත්කෘෂ්ටම වසරක් බවට පත්කරමින් සැන්සිබාර් දූපත්හි උපත ලදඅබ්දුල්රසාක් ගුර්නාහ් නම් ලේඛකයා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ .

අප්‍රිකානු සාහිත්‍යය ක්‍රි පූ 4වන සියවස තරම් ඈතයට දිවයන්නක් බව පැවසේ. මෙම යුගයේදී සාහිත්‍යය කටින් කියනකතන්දරවලට සීමා වී තිබිණ. අප්‍රිකානු කලාපයේ සාහිත්‍යෙය් මූලික අංගය වූයේ වාචික කතන්දර බව මුලදී පැවසීමි. ගෝත්‍රිකසමාජවල පැවති කතන්දරවල එකතුවක් ලෙස මෙම යුගය දැක්විය හැකි . මෙම කතන්දරවලට මූලික වී ඇත්තේ ඔවුන්ගේපැරැන්නන් ගැන කතා, මිත්‍යා කතා, මෙන්ම සතුන්ගේ කතන්දර . බොහෝ අප්‍රිකානු කතන්දරවල දැවැන්ත සතුන් උපක්‍රමශීලිවපරාජය කරන කුඩා සතුන් ගැන ලියැවී ඇත. එය ගෝත්‍රික සමාජයේ පැවති විශේෂ ලක්ෂණයක් විය හැකි . මෙම කතන්දරවලටසංගීතය මෙන්ම විවිධ ශබ්දයන් උපයෝගී කරගෙන තිබේ.

කෙසේ වුවද අප්‍රිකානු සාහිත්‍යය පිළිබඳව බටහිර ලෝකයේ අවධානය පළමුව යොමුවන්නේ 1789 දී පමණ ලියැවී ඇති වහල්සේවය පිළිබඳ කෘතියකි. මෙම කෘතිය පුරාම වහල් සේවයේ ඇති අති භයංකර දුෂ්කරතා සහ අනුවේදනීය බව කැටිව තිබිණ.  අප්‍රිකානුවන් ඉංග්‍රීසි බස වෙනුවට තමන්ගේ බස ලිවීමට යොදාගත් අවස්ථාවලදී යටත්විජිතකරණයේ පීඩාවට එරෙහිව සියසාහිත්‍යය මෙහෙයවා ඇත. තවත් සමහරු අතීතය පිළිබඳවඋදාහරණයක් ලෙස සුලු ගෝත්‍රයක සිටි හමුදා නායකයෙක් ගැනතෝමස් ම්පොලෝ ගේ කෘතියලියා ඇත්තේ . විසිවන සියවසේ මුල්භාගයේදී බටහිර අප්‍රකාවේ පුවත්පත් බිහිවීමත් සමඟමසාහිත්‍ය වර්ධනයක් අත්පත් කරගත් අතර දෙවන ලෝක යුද්ධයෙන් පසුව බටහිර අප්‍රිකාවෙන් වොලේ සොයින්කා, චිනුවා අචිබෙ, ඔස්මානේ සෙම්බෙනේ, කොෆි අවූනර් වැනි ලේඛකයන් මෙන්ම න්ගයුන්ග් ව්‍යා තියුංග් වැනි ලේඛකයන් බිහි විය. මෙමලේඛකයන් බහුතරය ලිවීමේ කාරියේ යෙදුණේ යටත් විජිත භාෂාවලිනි.

මේ අතර දකුණු අප්‍රිකාවේ තත්වය වඩා වෙනස් එකක් බවට හැරිණි. නදීන් ගෝදිමර්, ජේ.එම්.කවුට්සිය (කොඑට්සි), මිරියම්ත්ලායි ආදීහු මෙම ආපතයිඩ් තත්වය මත බිහිවූ දකුණු අප්‍රිකානු සමාජයේ ඛේදවාචකය සිය රචනා තුළට ගොනු කළහ. මේ අයඅතුරින් නයිජීරියානු ජාතික වොලේ සොයාන්කා, ජේ එම් කොඑට්සි මෙන්ම නැදින් ගෝඩිමර් නොබෙල් සාහිත්‍ය සම්මානය දිනාදීමටසමත්විය. අප්‍රිකානු මහද්වීපයටම අයත් ඊජිප්තුවේ ලේඛක නජීබ් මහ්ෆූස් අප්‍රිකාවට නොබෙල් සාහිත්‍ය සම්මානයක් දිනාදීමටසමත් විය. මීට අමතරව බ්‍රිතාන්‍ය පවුලකට දාව ඉපිද රොඩේෂියාව ( වර්තමාන සිම්බාබ්වේ) සිය ජන පදනම කරගත් ඩොරිස්ලෙසිංග් නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පමණක් නොව යුරෝපයේ සියලු සම්මානවලට හිමිකම් කීවා . මේ අතරින් ජේ එම්කොඑට්සි විසින් රචිත ගර්හාව, වෘකයන් එනතුරු, මයිකල් කේ ගේ කලදවස වැනි කෘති ඉතා සියුම් ලෙස දකුණු අප්‍රිකාවේවර්ගභේදවාදය ඇති කළ ආපතයිඩ් නීතිය මෙන්ම එයට එරෙහිව නැගි කළු ජාතිකයන්ගේ ප්‍රචණ්ඩ විරෝධය විවේචනය කරමින්වඩා මැදහත් තැනක් ගැන ඉඟි සැපයුවේ . නැදින් ගෝදිමාර් අප්‍රිකානු ජන ජීවිතය සහ එහි ඛේදවාචකයන් තේමා කරගනිමින්ලිවීමෙහි යෙදුණා . මෑතකදී මෙම ලැයිස්තුවට එක් වූ අබ්දුල් රසාක් ගුර්නාහ් සරණාගත ගැටලුව ගැන දැඩි ලෙස සිය කෘතිතුළින් සංවාදයේ යෙදුණ ලේඛකයෙකි. ඔහු සංක්‍රමණිකයෙකු වීම සුවිශේෂි .

වර්තමාන හෝ නූතන අප්‍රිකානු සාහිත්‍යය පිළිබඳ කතාකරද්දි එය වඩා පුළුල්ව පෘථුලව ගමන් කරන බව පැවසිය හැකි . මේඅතරින් පෙරමුණේ රාළ ලා ලෙස පැවසිය හැකි ලේඛක ලේඛිකාවන් බහුතරයකි. 1977 වසරේදී නයිජීරියාවේ උපත ලද චිම්අමන්දාඅඩිචි සුවිශේෂි චරිතයකි. ඇය ඉතාම සීඝ්‍රෙයන් ලෝකයේ පුමුඛ පෙළේ ලේඛිකාවක් බවට අදවන විට පත්ව සිටින්නීය. නයිජීරියාවේවිශ්ව විද්‍යාල නගරය ලෙස හඳුන්වන න්නුගු නගරයේ ඉග්බො පවුලක හය වැන්නා හෝ සත්වැන්නා ලෙස උපත ලද ඇයගේ මවනයිජීරියානු විශ්ව විද්‍යාලයේ පළමු රෙජිස්ටාර්වරිය යූ අතර ඇයගේ පියා එම විශ්ව විද්‍යාලයේම සංඛ්‍යානය පිළිබඳමහාචාරියවරයෙක් විය. ඔවුන් ජීවත්ව ඇත්තේ විශ්ව විද්‍යාලය මගින් ලබාදුන් නිවසක වූ අතර එහි ඊට පෙර ජීවත්ව ඇත්තේවිශිෂ්ට අප්‍රිකානු ලේඛකයෙකු වූ චිනුවා අචිබේ . ඇගේ පළමු නවකතාව පර්පල් හිබිස්කස් (2003) කම්බිලි නම් චරිතය සහඇගේ පවුල වටා ගෙතුන කතාවකි. හමුදා පාලනයකට නතුව ජීවත්වන ඔවුන්ගේ ජීවිතය එහි විස්තර කෙරෙයි. 2013 වසරේදී ඇයවිසින් රචිත ඇමරිකානාහ් නම් කෘතිය නයිජීරියාවෙන් පිටව යන විප්‍රවාසීන්ගේ ජීවිත විග්‍රහ කරමින් ලියවුන අපූරු නවකතාවකි. 2006 වසරේදී ඇය ප්‍රකාශයට පත්කළ හාෆ් ඔෆ් යෙලෝ සන් කෘතියට සම්මාන රාශියක් හිමිවිය.

අප්‍රිකානු සාහිත්‍යය ලේඛිකාවන්ගෙන් බහුලය. 2020 වසරේ බුකර් සම්මානය සඳහා දිස් මෝනබල් බොඩි නවකතාව ලියමින්කෙටි ලැයිස්තුගත වූ සිම්බාබ්වේ ජාතික ලේඛිකාවක වන සිට්සි දම්බරෙන්ග්වා ලෝකය තුළ බරපතළ කතාබහක් ඇති කළලේඛිකාවකි. 61 හැවිරිදි සිට්සි ලේඛන දිවියට පිවිසෙන්නේ විශ්ව විද්‍යාල සිසුවියක සිටියදීය. 1988දී Nervous conditions (නියාමරිරාලංකා සිරිවර්ධන) නම් නවකතාව ප්‍රකාශයට පත්කරමිණි. මේ කතාවට පාදක වන්නේ 1960, 70 දශකවල පශ්චාත්යටත් විජිතවාදී අප්‍රිකාවේ, සිම්බාබ්වේ ලෙස නාමකරණය වීමට පෙර පැවති රොඩේෂියාවේ දුප්පත් පවුලක චම්බුජායි නම් දැරියක්අධ්‍යාපනය ලැබීම උදෙසා ලිංගික අසමානාත්මතාව සමඟ කරන සටනයි.

සාහිත්‍ය ලෝකය සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබූ ඇයට ප්‍රකාශකයෙකු සොයාගැනීම දුෂ්කර කාර්යයක් විය. අවසානයේදිඑංගලන්තයේ පිහිටිවුමන්ස් ප්‍රෙස්නම් වූ ආයතනයට ඇය තමන් සතුවූ එකම පිටපත යවයි. එහෙත් ඇයට කිසිදු පිළිතුරක්නොලැබෙයි. වසර කිහිපයකට පසු රැකියාවක් සඳහා එංගලන්තයට යාමට අවස්ථාව ලද විට ඇය අදාළ මුද්‍රණාලයේ කාර්යාලයවෙත ගියාය. එහි බිම්මහලේ ගබඩා කාමරයක තිබී කිසිවෙකු නොකියවූ අත් පිටපත ඇයට හමුවෙයි. අවසානයේදී ඇය දැන්ලන්ඩනයේ සිටින නිසා එය කියවා බලන්නට මුද්‍රණ සමාගම එකඟ වෙයි. එය ප්‍රකාශයට පත්කරන්නට කැමති බව පසුදාම අදාළසමාගම ඇයට දැනුම් දෙයි. අනුව මුද්‍රණය වන මේ නවකතාව ජනප්‍රියත්වයට පත්වෙයි. විසිවන සියවසේ සුවිශේෂි අප්‍රිකානුසාහිත්‍ය නිර්මාණයක් ලෙසින් එය පසසනු ලැබීය. මෙය නවකතා මාලාවක් කරන්නට යැයි ප්‍රකාශකයාගෙන් ඇයට ඇරයුමක්දලැබිණි.

පසුගිය 2021 වසරේ බුකර් සම්මානය හිමිකම් කියූ දකුණු අප්‍රිකානු ලේඛකයා වූයේ ඩේමන් ගැල්ගුට් . ඔහුගේ ප්‍රොමිස්නවකතාව වෙනුවෙනි. ගැල්ගුට් නවකතා රචකයෙකු මෙන්ම වේදිකා නාට්‍ය සහ චිත්‍රපට පිටපත් රචනයේ යෙදෙන්නෙකි. බුකර්සම්මානය වැනි ලොව ඉහළ පෙළේ සම්මානය මෙවර ඔහු දිනා ගත්තද ඔහු මීට පෙර දෙවතාවක්ම එයට කෙටි ලැයිස්තුගත වීතිබීම සුවිශේෂි . මෑතකදී අප්‍රිකානු සාහිත්‍යය ගැන නැවත කතාකරන්නට මග පාදා දුන් ලේඛකයෙකු ලෙස ඔහුගේ නම ඉතිහාසයට එක්වනු ඇත. ඔහු විසින් 2003 වසරේදී රචනා කළ ගුඩ් ඩොක්ටර් කෘතිය එම වසරේ බුකර් ත්‍යාගයට කෙටිලැයිස්තුගත විය. ඔහු විසින් 2010 වසරේදී දී රචනා කළ ඉන් ස්ට්‍රේන්ජ් රූම් කෘතිය එම වසරේ බුකර් ත්‍යාගයට කෙටිලැයිස්තුගත විය. දෙවතාවක් බුකර් සම්මානය ආසන්නයට පැමිණියද ඔහුට සම්මානය හිමිකර ගැනීමට තවත් වසර එකොළහක්බලා සිටින්නට සිදුවිය. සම්මානය දිනාගැනීමෙන් පසුව ඔහු පැවසුවේ සම්මාන වලට නිර්දේශ වීම ඔහුගේ සාහිත්‍යයට දැඩිබලපෑමක් ඇතිකරන බවයි.

පරිසරය සම්බන්ධ කතිකාව නූතන ලෝක සාහිත්‍යය තුළ වඩාත් පැතිරෙමින් තිබෙන යුගයක නයිජීරියානු ලේඛක හෙලන් හබීලා නූතන අප්‍රිකානු ලේඛක කුලකය නියෝජනය කරන විශිෂ්ට ලේඛකයෙකි. හෙලාන් හබීලා විසින් 2011 දී ප්‍රකාශයට පත්කරන ලදඔයිල් ඔන් වෝටර් නවකතාව පාදක වන්නේ නයිජීරියාවේ තෙල් සමාගමක් හිමි යුරෝපීය ජාතිකයෙකු ගේ බිරිඳ පැහැරගෙන ගියකල්ලියකින් ඇයව ගලවා ගැනීම සඳහා යන ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු අත් දකින සිදුවීම් වටා . ඉන් එක් අයෙකු තරුණයෙක්වන අතර අනෙකා මැදි වියේ පසුවන්නෙකි.

මෙම තෙල් සමාගම් හිමියාගේ බිරිඳ සොයා යන ජනමාධ්‍යවේදීන් දෙදෙනා අත්දකින්නේ ඔවුන් කිසිදාක නොදුටු ඉතා බියකරුදර්ශනයන් . අධි පරිභෝජනයේ සහ ඉවක් බවක් නැති සංවර්ධනයේ අඳුරු ප්‍රතිඵල නයිජර් ඩෙල්ටාවට අත්කර දී ඇතිඛේදවාචකය කුමක්ද? ඔවුන් තෙල් සමාගම් හිමියාගේ බිරිඳ පැහැර ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? යන්න බරපතළලෙස ප්‍රශ්න කෙරෙයි.

හෙලන් හබීලාගේ මෙම කෘතිය 2011 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයට කෙටි ලැයිස්තුගත විය. එමෙන්ම තවත් ප්‍රධානපෙළේ සම්මාන ද්විත්වයකට කෙටි ලැයිස්තුගත විය. නයිජීරියාවේ උපත ලද  ඔහු මේ වනවිට එංගලන්තයේ විශ්ව විද්‍යාලයකකථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි.

අප්‍රිකාව යටත් කරගත් විවිධ ජාතිකයන් නිසා අප්‍රිකානු කලාපයට භාෂා කිහිපයක පෝෂණය ලැබිණ. ඉංග්‍රීසි භාෂාවට අමතරව ප්‍රංශමෙන්ම ඕලන්ද භාෂාවල ආභාෂය අප්‍රිකානු සංස්කෘතියට එකතු විය. දකුණු අප්‍රිකාව ප්‍රමුඛ කරගෙන අප්‍රිකානර් නම් ජනකොට්ඨාශයකගේ නිර්මාණය සිදුවිය.

සෝමාලියාවේ උපත ලද නඩීෆා මොහොමඩ් (කළු සර්ප පැටියාවිදර්ශන ප්‍රකාශන) බ්‍රිතාන්‍යයේ ජීවත් වන අප්‍රිකානු ලේඛිකාවකි. මේ වසරේදී ඇය නිව්යෝක් නුවර වාසය සඳහා පිටත්ව ගිය අතර ඊට පෙර ඇය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේනිර්මාණාත්මක රචනය පිළිබඳව කථිකාචාර්යවරියක ලෙස සේවය කළා . 2021 වසරේ බුකර් සම්මානය සඳහා ඇයගේ ෆෝර්චූන් මෑන් කෘතිය කෙටි ලැයිස්තුගත විය. 2013 වසරේදී ඇය තරුණ බ්‍රිතාන්‍ය නවකතාකරුවන් අතර පළමු තැන දිනාගනිමින්සාහිත්‍ය ලෝකය තුළ අවධානයට පාත්‍ර වූවා .  සෝමාලියානු පවුලක 1981 වසරේදී උපත ලද ඇයගේ පියා නාවික හමුදාවේනාවිකයෙකි. ඔවුන් ලන්ඩනය බලා පැමිණෙන්නේ තාවකාලික සංචාරයකට වුවද සෝමාලියානු සිවිල් යුද්ධය ඇරඹීමත් සමඟඑංගලන්තයේ නවතින්නට සිදුවන්නේ දෛවෝපගතවය. ඇය විසින් 2010 වසරේදී රචිත බ්ලැක් මැම්බා බෝයි නම් කෘතියටපාදක වී ඇත්තේ 1930-40 ආදී යටත් විජිත සමය තුළ ඇයගේ පියා ගේ අත්දැකීම් බව කියැවේ. එය ප්‍රබන්ධයක් ලෙස නිර්මාණයකරන්නට ඇය සමත් වීමත් සමඟ නඩීෆා ගේ ලේඛන හැකියාව ලොවපුරා ඇගයීමට පාත්‍ර විය. සෝමාලියාවෙන් බොහෝ දුර ඈතකොරියාව තුළ පවා ඇයගේ මෙම කෘථිය ජනප්‍රිය වීම එයට සාක්ෂි ලෙස ගෙනහැර පායි.

 

සංක්‍රමණිකයෙකු ලෙස තමන්ගේම අත්දැකීම් යොදාගනිමින් බිහෝල්ඩ් ඩ්‍රීමර්ස් යනුවෙන් පොතක් රචනා කරමින් ලේඛනයට පිවිසිම්බෝලො ම්බොයො කැමරූන් ජාතික ලේඛිකාවකි. කැමරූන් රාජ්‍යෙය් ලිම්බේ නගරයේ උපත ලද ඇය සිය උපාධියේ අවසන්භාගය සම්පූර්ණ කරගනු වස් ඇමරිකාවට පැමිණ කෙටිකාලීණ රැකියාවක් සොයාගෙන ජීවත් වෙයි. නමුත් 2008 වසරේ පැවතිආර්ථික අවපාතයෙන් එය ඇයට අහිමි වෙයි. ගෝලීය අවපාතය තුළින් නිව්යෝක් නුවර විශාලනය කළ පංති වෙනස වඩාත් කැපීපෙනෙද්දී ඇය එය ලියන්නට පටන් ගත්තා . ප්‍රථිඵලය ලෙස ඇයට අති විශාල අලෙවියක් ඇති නවකතාවක හිමිකාරිය වන්නටහැකිවිය. ඇය 2017 වසරේ ප්‍රබන්ධ සඳහා වන PEN- Faulkner සම්මානය දිනාගත්තා .

ලේඛිකාවන් බහුල අප්‍රිකානු සාහිත්‍යයට මෑතකදි එකතු වූ යා ග්‍යාසි යනු ඝානාවේ උපත ලද ලේඛිකාවකි. 2016 වසරේදී නිකුත්කළ ඇගේ හෝම්ගොයිංග් කෘතිය ඉතාම ප්‍රභල කෘතියක් වන්නේ යටත් විජිත සමය තුළ ඝානා ජාතිකයන් මුහුණ පෑ ඉතා කටුකඅත්දැකීම් ගැන යළිත් සිතන්නට පාඨකයවාට ඉඩ සලසන නිසාවෙනි. සිය පියාගේ ගුරු වෘත්තිය නිසා තරුණ ගැහැණු දරුවෙකුවෙත ඇමරිකාව බලා යන ග්‍යාසි නැවත වරක් තම මව්බිමට සංචාරයකට පැමිණෙන්නී . එහිදී පැරණි බ්‍රිතාන්‍ය වහල් කඳවුරකටයන ඇය එම දර්ශන වලින් දැඩි කැළඹීමකට පත්වෙයි. එම අත්දැකීම් පාදක කරගනිමින් ඇය ලියූ මෙම කෘතිය අද ලෝකයේමකතාබහට ලක්වෙයි.

අප්‍රිකානු කලාපය සාහිත්‍ය තුළ වඩා විශිෂ්ට දියුණුවක් අත්කරගත් කලාපයක් ලෙස දැක්විය හැකි . විශේෂයෙන් යටත් විජිතයක්වන ලංකාවට ලෝක සාහිත්‍යය තුළ එතරම් දේ කරන්නට නොහැකි වුවද ඉතා දිළිඳු අප්‍රිකානු රටවල්වල ලේඛක ලේඛිකාවෝලෝක මට්ටමේ පෙරළි කරනු දකින්නට ලැබේ. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරඟයෙන් ජයග්‍රහණය කළ ස්වාසිලන්තලේඛකයා ඊට එක් නිදසුනකි. අප්‍රිකානු සාහිත්‍යය තව තවත් ඉදිරියට යනු ඇති බව පැවසීමට අනාවැකි අවශ්‍ය නොවේ. ඉහතසඳහන් කළ ලේඛක ලේඛිකාවන්ට අමතරව තවත් බොහෝ පිරිසක් අප්‍රිකානු සාහිත්‍යය වෙනුවෙන් ඉදිරිපත් සිටිති.

රශ්මික මන්ඩාවල

උපුටා ගැනීමෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම