2022 දී නිල සංචිත ඇ.ඩො. බිලියන 03 ට නඟීවි – ශ්‍රී ලංකා මහ බැංකුව

මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව විදෙස් සංචිත වැඩිකර ගැනීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග නිසා එලබෙන අවුරුද්ද අවසන් වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 03 කට වඩා ඉහළට යනු ඇති බව, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය බැංකු සමග අමෙරිකානු ඩොලර් බිලියන 02 ක පමණ විදේශ විනිමය හුවමාරු සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

ද්විපාර්ශවික මූල්‍ය පහසුකම් ලබාගැනීම්, ඒකාබද්ධ ණය පහසුකම් ලබා ගැනීම් සහ වෙනත් සංවිධාන තුළින් ණය ගැනීමේ ක්‍රියාවලියක රජය යෙදී ඇති බව කියාසිටින මහ බැංකුව ආණ්ඩුවේ ප්‍රධානින් විදේශ සංචාරවලදී කරනු ලැබූ සාකච්ඡාවල ප්‍රථිපල ලෙස විදේශ විනිමය පහසුකම් ලැබීම් ද ඉදිරියේදී සිදුවෙනු ඇති බව ඔවුන් විශ්වාසය පළකරයි.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වාදී ඇති දිරි දීමනා ක්‍රමය වැනි විදේශ විනිමය වෙළඳපොළේ පැති කිහිපයක් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කරන ලද මැදිහත්වීම් මගින් නිල සංචිත තවදුරටත් ගොඩනගා ගැනීමට හැකියාව වර්ධනය වෙනු ඇති බව එම නිවේදනය මගින් ඔවුන් සිය විශ්වාසය පළකරයි.

Social Sharing
නවතම