වැඩියෙන්ම මුහුදට පොලිතීන් වීසිකරන්නේ චීන ලොකු අයියා, ලංකාවට පස්වෙනි තැන

පොලිතීන් ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය සාගරයට මුදාහරිමින් සාගරය අපවිත්‍ර කරන රටවල් අතර චීනය අංක එකට පැමිණ ඇති බවත් එම ලිස්ට් එකේ ශ්‍රී ලංකාව 5 වෙනි ස්ථානය හිමිකරගෙන ඇති බවත් වාර්තා වෙයි.

ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සඟරාව කළ පර්යේෂණයකට අනුව ලොව පුරා රටවල් 192 ක් අතරින් සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අපද්‍රව්‍ය මුදහරින ප්‍රධාන රටවල් 20 නම් කර ඇත.

වසරකට ලොව පුරා ප්ලාස්ටික් හා දිරා නොයන අපද්‍රව්‍ය ටොන් මිලියන 13කට වඩා සාගර පරිසර පද්ධතීන් වලට එකතුවෙන අතර එයින්  80% ක ප්‍රතිශතයක් ප්ලාස්ටික් හා ඝණ අපද්‍රවය එකතු වන්නේ රටවල් 20ක් අතරින් බව එම පර්‍යේෂණයෙන් අනාවරණය වී ඇත. එයින් 30% ක් චීනය විසින් සාගරයට මුදා හරිනු ලබයි.

ප්ලාස්ටික් සාගර පරිසරයට එකතුවීම වර්තමානයේ ලෝකයට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් ය. මෙමගින් සාගර පරිසරය විනාශවීම, ධීවර කර්මාන්තය විනාශ වීම මෙන්ම එයින් මානවයින්ගේ සෞඛ්‍යයට එල්ලකරන තර්ජනයද සුළුපටු නැතිබව පර්යේෂකයන්ගේ මතයයි.

China dumps plastic in the ocean

China dumps plastic in the ocean

China dumps plastic in the ocean

Social Sharing
නවතම