ශෂී වීරවංශ පහුගිය මැයි 27 හිරේට ගියා. ඒ ඇයි? හේතුව තමයි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා අවිධිමත් විදිහට රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම. මේ නඩුවේ තීන්දුව දුන්නේ කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල. තීන්දුවට අනුව ශෂී වීරවංශට අවුරුදු 02 ක සිර දඬුවමක් ලැබෙනවා. දඩය රුපියල් ලක්ෂයක්. ඒක නොගෙව්වොත් තවත් මාස 06ක් සිරදඬුවම දීර්ඝ වෙනවා. ඒක තමයි උසාවි නියෝගය. මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරපු මහේස්ත්‍රාත්වරයා කිව්වේ විත්තිකාරියට එරෙහිව නඟලා තියෙන චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකරන්න පැමිණිල්ල සමත් වුණා කියලා. කොහොම හරි මේ ලිපිය ලියනකොට අභියාචනා කිරීම නිසා ශෂීට ඇප ලැබිලා.…
Read MoreTag: Wimal Weerawansa
හිරේට ගිය ශෂීට ඇප
ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත් ස්හ තවත් විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සහ ඒවා සකස් කිරීම සඳහා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම ආදී චෝදනා රැසකට වරදකරුවී අවුරුදු 2ක් බරපතළ සිරදඬුවම් ලැබූ ශෂී වීරවංශ ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කර ඇත. මෙම නියෝගය ලබාදෙමින් කොළඹ මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ශෂී වීරවංශගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසද නියෝග කර ඇත. රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත ඇයව මුදාහරින්නට මෙහෙදී අධිකරණය නියෝග කර ඇත.
Read Moreශෂී වීරවංශට හිරේ යන්න වුණ අනන්‍යතා අර්බුද.
විමල් වීරවංශගේ බිරිය වන ශෂී වීරවංශ අවුරුදු දෙකකට සිරගත වන්නේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙනි. ඇය අතීතයේදී විදේශ රැකියාවක පවා නියුතුව සිටි අයෙකු වන අතර, 1967 සැබෑ උපන් වර්ෂය යෙදූ ගමන් බලපත්‍රයක් තිබියදී උපන් වර්ෂය 1971 ලෙස ව්‍යාජ ලෙස යෙදූ ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම එයට හේතු විය. ශෂී වීරවංශ විමල් වීරවංශට වඩා අවරුදු කීපයක් වයසින් වැඩියි. විමල් උපදින්නෙ 1970දී. විමල් වීරවංශ දරුවන්ගෙ උප්පැන්න සහතිකවල දීලා තිබුණේ බොරු උපන් දිනයක් නිසා, පසුව එය නිවැරදි කරන්නට ඔහුට සිදුවුණා. දරුවන්ගෙ උප්පැන්න සහතික මුලින් ලබාගනිද්දී ඔහු සිය උපන්…
Read Moreශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවම්
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට ආගමන විගමන නීති කඩකරමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත් දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තිබූ චෝදනා විභාග කර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් පැනවීය. මීට අමතරව රු.100,000 දඩයක් ද එය නොගෙවන්නේ නම් අමතර 6 මසක සිර දඬුවමක් ද අධිකරණය විසින් නියෝග කර ඇත.
Read Moreස්වාධීන පක්ෂවල සහාය ආණ්ඩුවට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවට කොන්දේසි සහිත සහයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ දහය ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයා සමග අද පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව කියා සිටියහ.
Read Moreස්වාධීනයෝ හත්පොලේ ගා ගනී..!
පාර්ලිමේන්තු ඡන්දයෙන් පසුව එළියට පැමිණි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ශ්‍රීලනීපයේ දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ රංජිත් සියඹලාපිටියට නියෝජ්‍ය කථානායක ධුර ලබාගැනීම සඳහා ඡන්ද 148ක් ලැබී තිබුණ බවත් ඉන් ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිස 40ක් අයින් කළ විට 108 දක්වා ආණ්ඩුවේ මන්ත්‍රීන් ප්‍රමාණය පහළ බහින බවය. ඩලස් අලහප්පෙරුම ඇතුළු 3න් දෙනාත්, ස්වාධීන වන බව පවසා ඇති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 10යත් මෙම සංඛාවට එක් වුවහොත් ආණ්ඩුවේ බලය මන්ත්‍රී ධුර 95 දක්වා පහළ බහින බව ඔහු තටම තටමා කීවේය. විපක්ෂය මේ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු කළා නම් ආණ්ඩුවට විරුද්ධව ඡන්ද 121ක් ලබා ගැනීමේ…
Read Moreඅන්තර්වාර ආණ්ඩුවක් ඕනෑ ඇයි?
ඩලස්-විමල්-වාසු-ගම්මන්පිළ සුසංයෝගය නිසා මේවනවිට අන්තර්වාර ආණ්ඩුව කියන වචනයද දූෂණය වී ඇත. දැන් මිනිසුන් පිහිටුවන්නට යෝජිත මේ ආණ්ඩුව දිහා බලන්නේ මේ හතරකට්ටුව දිහා බලන පිළිකුලෙන් මය. මේ නිසා අන්තර්වාර ආණ්ඩුව යන්න රාජපක්ෂ කෙමනක් බව, ප්‍රෝඩාවක් බව, ව්‍යාජයක් බව බොහෝ දෙනෙක් පවසති. මෙහි සත්‍යතාවක් පවතී. ඒ සත්‍ය පවතින්නේ පොහොට්ටුව මුල්වී මෙම පාලනය බිහිකරන තුරු පමණි. අප එය තේරුන් ගත යුතුය. එනිසා විපක්ෂ ප්‍රජාව ඉහත හතරකට්ටුව දඟදාන පාලනයක් බිහිකිරීම වැළැක්වීමට සෑම දෙයක්ම කළ යුතු අතරම ඊට සමාන්තරව අප හිතන පතන පන්නයේ පාලනයක් බිහිකර ගැනීම සඳහා අරගලය තීවුර කළ යුතුය. ඒ සඳහා අප සිතන…
Read Moreවිමල් හැර, ජනපති ඉවත් කරන්න පක්ෂ නායකයන් එකඟයි.
විමල් වීරවංශ හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ජනපති ඉවත් කරන්න තීන්දු කරයි. අද (20) දිනයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවේ ඇතුලු සියලු පක්ෂ නායකයන් ජනාධිපචතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට ඇත. ඒ අනුව හෙට දිනයේ ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම් දීමට සියලු පක්ෂ නායකයන් තීරණය කොට තිබේ. කෙසේවෙතත් මෙම පක්ෂ නායක රැස්වීමේදී විමල් වීරවංශ පමණක් ජනාධිපතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට නැත. පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු ඇතිවූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් මෙම හදිසි පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට කතානායකවරයා පියවර ගෙන තිබිණ.
Read Moreස්වාධීන 41දෙනා පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක්!
ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනා පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියොජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනා, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ 10 මන්ත්‍රිවරුන්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ අනූර යාපා මන්ත්‍රිවරයා ඇතුළු කණ්ඩායම සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙලෙස පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගනු ඇති.
Read Moreවිමල් වාසුලා විශ්වාසභංගේ මඟ හරී..
වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ සුදුසු නොවන බව පවසමින් විශ්වාසභංගය ඉදිරියට ගෙන නොයන ලෙස ඔවුන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයට උපදෙස් දුන් බව වාසුදේව නානායක්කාර ඩේලි මිරර් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබුණි. ඒ වෙනුවට 21 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම සඳහා කටයුතු කරන බවද වාසුදේව නානායක්කාර එහිදී ප්‍රකාශ කර තිබේ. දැනටමත් ජනාධිපතිවරයා සහ විපක්ෂය සමඟ සාකච්ඡා…
Read More