හිරේට ගිය ශෂීට ඇප

ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ ස්හ තවත් විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සහ ඒවා සකස් කිරීම සඳහා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම ආදී චෝදනා රැසකට වරදකරුවී අවුරුදු 2ක් බරපතළ සිරදඬුවම් ලැබූ ශෂී වීරවංශ ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කර ඇත.

මෙම නියෝගය ලබාදෙමින් කොළඹ මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ශෂී වීරවංශගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසද නියෝග කර ඇත. රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත ඇයව මුදාහරින්නට මෙහෙදී අධිකරණය නියෝග කර ඇත.

Social Sharing
නවතම