ශෂී වීරවංශට හිරේ යන්න වුණ අනන්‍යතා අර්බුද.

විමල් වීරවංශගේ බිරිය වන ශෂී වීරවංශ අවුරුදු දෙකකට සිරගත වන්නේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙනි.

ඇය අතීතයේදී විදේශ රැකියාවක පවා නියුතුව සිටි අයෙකු වන අතර, 1967 සැබෑ උපන් වර්ෂය යෙදූ ගමන් බලපත්‍රයක් තිබියදී උපන් වර්ෂය 1971 ලෙස ව්‍යාජ ලෙස යෙදූ ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම එයට හේතු විය.

ශෂී වීරවංශ විමල් වීරවංශට වඩා අවරුදු කීපයක් වයසින් වැඩියි. විමල් උපදින්නෙ 1970දී.

විමල් වීරවංශ දරුවන්ගෙ උප්පැන්න සහතිකවල දීලා තිබුණේ බොරු උපන් දිනයක් නිසා, පසුව එය නිවැරදි කරන්නට ඔහුට සිදුවුණා. දරුවන්ගෙ උප්පැන්න සහතික මුලින් ලබාගනිද්දී ඔහු සිය උපන් අවුරුද්ද ලෙස දක්වන්නෙ 1965.

ඔහුගේ බිරිඳ ඔහුට වඩා අවුරුදු කීපයක් වයසින් වැඩිමහල්. ඇතැමෙක් චෝදනා කරන ආකාරයට විමල් තමන්ගේ වයස අවුරුදු පහකින් වැඩි කර දක්වා තිබෙන්නේ සිය බිරිඳ තමන්ට වඩා වයසින් වැඩි බව සඟවා ගන්නයි. මේක ප්‍රශ්නයක් නෙමෙයි. ඒත්, මේ යුවල මේක මහා ප්‍රශ්නයක් බවට පත්කරගන්නවා.

මේක මහා ප්‍රශ්නයක් බවට පත්කරගන්නෙ නිකම්ම නිකම් මිනිහෙකුත්, ගැහැණියකත් නෙමෙයි. ඒ වන විටත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් වෙලා හිටපු විප්ලවවාදී නායකයෙක්.

විමල්ගේ හා ශෂීගේ කසාද සහතිකයේ සාක්ෂිකරුවකු ලෙස ටිල්වින් සිල්වා අත්සන් කරන්නේ පුවත්පත් කර්තෘවරයෙකු බව සඳහන් කරමිනුයි. ඔහු කිසි දිනෙක පුවත්පත් කලාවේදියෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටියේ නැහැ.

ප්‍රේමකුමාර් ගුණරත්නම් නොයෙල් මුදලිගේ ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම පිටුපසත් කතාවක් තියෙනවා.

මේ සියල්ලම අනන්‍යතා අර්බුද. මේ අනන්‍යතා අර්බුද දැන් ටිකක් සමනය වෙලා ඇති නේද? ඒ නිසා මේ අය නීතිය සමග සෙල්ලම් කිරීම පෞද්ගලිකව හරි නවත්තලා ඇති නේද? මේවා මතක් කරදෙන්නට වෙන්නෙ මේ හැමෝම දැන් පෙනීඉන්නෙ හරි සුද්දවන්තයන් ලෙස නිසායි.

කොහොම වුණත්, අතීතය තමන් පසුපස එළවාගෙන ඒම වළක්වන්නට බැහැ.

ajith Parakum Jayasinghe Praja.lk

අජිත් පැරකුම් ජයසිංහ – Praja.lk

Social Sharing
නවතම විශේෂාංග