ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්..!

වර්තමාන ආර්ථික අර්බූදයෙන් රට ගොඩගන්නට නොහැකිවීම මත ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය කඩවී ඇතැයි ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සාකච්ඡාවන් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳව මේ වනවිට සජබ සහ විමල් වීරවංශ පාර්ශවය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද කරුණු වාර්තා වෙයි. එම සාකච්ඡා සාර්ථක උවහොත් ඉදිරියේ දී ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත.

දැනට තිබෙන ගනන් බැලීම අනුව ආණ්ඩුවට සිය බහුතර බලය අහිමිවීමට ලේසියෙන්ම ඉඩ ඇත.

ආණ්ඩුව සතුව මේ වනවිට මන්ත්‍රීවරුන් 153 දෙනෙක් සිටින අතර සුළුපක්ෂ 11 සතුව මන්ත්‍රී ආසන 30ක් ඇත. මෙම මන්ත්‍රීවරුන් 30දෙනා විපක්ෂයට පැමිණියහොත් ආණ්ඩුව සතු මන්ත්‍රී ධුර ප්‍රමානය 123ක් වෙනු ඇති. මේ වනවිට ආණ්ඩුව සමග කලකිරී සිටින ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රේමනාත් සී දොලවත්ත වැනි මන්ත්‍රි කණ්ඩායමේ ප්‍රමානය 15ක් පමණ වෙන බව වාර්තා වෙන පසුබිමක එම 15දෙනා ආණ්ඩුවෙන් ඉවත්වී ගියහොත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩුවට නොමැති වෙනු ඇත. එය එසේ වුණහොත් ආණ්ඩුව සතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 108 දෙනෙක් පමණක් ඉතිරිවෙනු ඇත. එවිට ඉබේම ආණ්ඩුව බිඳවැටෙන තත්ත්වයක් උදාවී ඇත.

Social Sharing
නවතම