“අවලස්සන ඇමරිකානුවා, රට කනවා” – උදය ගම්මන්පිළ

ඇමරිකානුවෙකු විසින් ලංකාවේ ඉරණම තීරණය කරමින් ඇතැයි ද එනිසා ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්නට සිදුවී ඇතැයි ද හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කරයි.

‘1958 දී ඇමෙරිකානු නවකතාවක් ප්‍රකාශයට පත් වුණා The Ugly American අවලස්සන ඇමරිකානුවා කියලා. සිංහලටත් ඒක පරිවර්තනය වෙලා තියෙනවා අවලස්සන ඇමරිකානුවා කියලා. ඉතින් මේ අවලස්සන ඇමරිකානුවා පොත යළි ශ්‍රී ලංකාවේ ලියැවෙමින් පවතිනවා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්න අපිට සිද්ධවෙලා තියනවා’ යැයි ප්‍රකාශ කළේ ඒ මහතා කොළඹදී පසුගිය 4 දා මාධ්‍ය හමුවක් අමතමින් ය.

තමන් සාක්ෂි සහිතව මේ රට මෙතෙන්ට ගෙනාවේ කොහොමද කියලා පෙන්වා දෙන්නට සූදානම් බවත්, මෙය කුමන්ත්‍රණයක් බවත්, ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය. මෙම කුමන්ත්‍රණයේ අරමුණ මේ රට 1997 ඉන්දුනීසියාව තිබුණු තැනට අරන් යන්නයි කියන සාධාරණ සැකය අපිට තිබෙන බවත් එහිදී ඔහු තවදුරටත්  ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම