විමල්ගේ නායකත්වයෙන් නව සන්ධානයක්

 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගේ නායකත්වය යටතේ ස්වාධීන පක්ෂ එකතුව විසින් නව දේශපාලන සන්ධානයක් ගොඩනඟන බව වාර්තා වෙයි.

ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, යුතුකම ජාතික සංවිධානය, සත්‍ය ගවේෂකයෝ සංවිධානය යන පක්ෂ සහ සංවිධාන මෙම සන්ධානයට අයත් වෙන අතර එය නව ලකුණක් සහ නව නමක් යටතේ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කර එලබෙන සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ජනගත කෙරෙන බව වාර්තා වෙයි.

චීන රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ගොඩනැඟෙන බව පැවසෙම මෙම නව දේශපාලන සන්ධානයේ නායකත්වය විමල් වීරවංශ වෙත හිමිවෙන බව ප්‍රකාශ වෙන අතර රටේ වර්තමාන අර්බුදයට ස්ථිරසාර විසඳුමක් යෝජනා කරමින් ඒ හරහා එලබෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න මෙම නව දේශපාලන සන්ධානය සැළසුම් කර ඇතැයි ද වාර්තා වෙයි.

Social Sharing
නවතම පුවත්