ස්වාධීනයෝ හත්පොලේ ගා ගනී..!

පාර්ලිමේන්තු ඡන්දයෙන් පසුව එළියට පැමිණි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ශ්‍රීලනීපයේ දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ රංජිත් සියඹලාපිටියට නියෝජ්‍ය කථානායක ධුර ලබාගැනීම සඳහා ඡන්ද 148ක් ලැබී තිබුණ බවත් ඉන් ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිස 40ක් අයින් කළ විට 108 දක්වා ආණ්ඩුවේ මන්ත්‍රීන් ප්‍රමාණය පහළ බහින බවය. ඩලස් අලහප්පෙරුම ඇතුළු 3න් දෙනාත්, ස්වාධීන වන බව පවසා ඇති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 10යත් මෙම සංඛාවට එක් වුවහොත් ආණ්ඩුවේ බලය මන්ත්‍රී ධුර 95 දක්වා පහළ බහින බව ඔහු තටම තටමා කීවේය. විපක්ෂය මේ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු කළා නම් ආණ්ඩුවට විරුද්ධව ඡන්ද 121ක් ලබා ගැනීමේ හැකියාව ද තිබුණ බව ඔහු එහිදී කීවේය.

මෙම ප්‍රකාශයට නොදෙවෙනි තවත් ප්‍රකාශයක් තවත් ස්වාධීන නායකයෙක් වෙන විමල් වීරවංශ රූපවාහිනී නාලිකාවකට ඇවිත් කළේය. ඔහු එහිදී කීවේ තම පාර්ශවයට දැන් බැසිල් රාජපක්ෂ සමඟ සිදු කිරීමට කිසිඳු දේශපාලනයක් ඉතිරිව ඇත්තේ නැති බවය. ඉතිරිව තිබෙනවා නම් ඒ නම් ඇත්තේ උල තබන එක පමණක් බව ය.

ස්වාධීනයන් කොතරම් දීන පිරිසක් ද යන්න ජනතාවට පැහැදිලි වූ පසුව දැන් ඔවුන් මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් ගිය නුවණ මාධ්‍ය හරහා අද්දවා ගන්නට උත්සාහයක් ගනිමින් සිටියි. මේ පිරිසගෙන් අසන්නට තිබෙන්නේ තමන් ඉදිරිපත් කළේ පොහොට්ටුවේ බහුතර රාජපක්ෂ මතයට විරුද්ධව යන අපේක්ෂකයෙක් නම් ඔහුට පොහොට්ටුවේ ඡන්දය ලැබුණේ කෙසේද යන්නයි. නාමල් රාජපක්ෂ පවා සිය ඡන්දය රංජිත් සියඹලාපිටියට ලබාදුන්නේ කෙසේද යන්නයි.

Social Sharing
නවතම