ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවම්

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට ආගමන විගමන නීති කඩකරමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත් දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තිබූ චෝදනා විභාග කර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් පැනවීය.

මීට අමතරව රු.100,000 දඩයක් ද එය නොගෙවන්නේ නම් අමතර 6 මසක සිර දඬුවමක් ද අධිකරණය විසින් නියෝග කර ඇත.

Social Sharing
නවතම