මීට පස්සේ රදල පවුල්වලට රාජ්‍ය නායකත්වය හිමි නෑ – විමල්

වර්තමාන පාලකයාගෙන් පසුව ලංකාවේ පාලකයා වීමේ වරම උඩ රට හෝ පහත රට රදල පවුල්වලට හිමි නොවෙනු ඇති බවත්, මේ රාජපක්ෂවරුන්ගේ අවසාන පාලන කාලය බවත් මෑතකදී අමාත්‍ය ධුරයෙන් නෙරපනු ලැබූ විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

සිරස නාලිකාව සමගින් සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ඔහු මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැඩිව විවේචනය කළ අතර බැසිල් රාජපක්ෂට විරුද්ධව මුල්‍ය විශූද්ධිකරණ චෝදනාවක් යටතේ ඇමරිකානු ෆෙඩරල් පොලීසිය මගින් පරීක්‍ෂණයක් සිදුවන බවද පැවසීය.

තමන් යළි කිසිදිනක රාජපක්ෂවරුන්ගේ පාලනයකට සහාය දක්වන්න හෝ එවැනි පාලනයක් පිහිටුවීමට පෙරමග නොගන්නා බව මෙහිදී ඔහු ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම