ඊශ්‍රායලයේ රැදී සිටින විදේශිකයින්ගේ කල් ඉකුත් වූ වීසා බලපත්‍ර කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන විගමන බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන් හ්ටියේ රැකියා, සංචාරක, ස්වෙච්ඡා, කෘෂිකාර්මික අභ්‍යාසලාභීන් හැර ශිෂ්‍ය, පූජක සහ ආගමික, තාවකාලික නේවාසික වීසා යන කාණ්ඩ යටතේ ඊශ්‍රායලයේ සිටින පුද්ගලයින්ගේ කල් ඉකුත් වූ වීසා මෙලෙස යළි සක්‍රීය කර ඇති බවයි.
එමෙන්ම, යුද ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 04 දෙනාගෙන් දෙදෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවත්, ඔවුන් ගැන දිනපතා සොයා බලන බවත් තානාපතිවරයා පවසා සිටියි.