ජනාධිපතිගේ ධුර කාලය රබර් කරන්න ඩයනාගෙන් යෝජනාවක්

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලය තවත් වසර දෙකකින් දිඟු කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නට තමන් කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ප්‍රකාශ කරයි. අද 21 දා ජනාධිපතිගේ රාජාසන කතාව පිළිබඳ විවාදයට එකතුවෙමින් ඇය ප්‍රකාශ කළේ ජනාධිපතිගේ ධුර කාලය මෙන්ම ආණ්ඩුවේ ආයු කාලයද අවුරුදු 2කකින් දීර්ඝ කළ යුතු බව ය. එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ කොවිඩ් නිසා නැතිවුණ අවුරුදු දෙක තිබුණා නම් ඉතුරු අධිවේගී මාර්ග ටිකද සාදා නිමකළ හැකි බවය. එනිසා එම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනවිත් තුනෙන් දෙකක බලයකින් එය සම්මත කර එම කාලය ජනාධිපතිවරයාට ලබාදිය යුතු බව එහිදී ඇය…

Read More

ඇතුලෙත් ගැට පිටත් ගැට, අලුත් කැබිනට්ටුව ප්‍රමාදවෙයි?

president gotabaya rajapaksa Cabinet reshuffle

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම පිටතිනුත් විශාල දේශපාලන අභියෝගයක් එල්ලවී තිබීම නිසා ආණ්ඩුව මහා උජාරුවෙන් ප්‍රකාශ කළ කැබිනට් සංශෝධනය අද නෙවෙයි හෙට තත්ත්වයට පත්වී ඇතැයි දැනගන්නට ලැබේ. කැබිනට් මණ්ඩලයෙන් දැනට සිටින අමාත්‍යවරුන් ඉවත් කිරීම මෙන්ම නව අමාත්‍යවරුන් පත් කිරීම ආණ්ඩුව තුළ අභ්‍යන්තරයේ උද්ගත ප්‍රශ්නය බෝම්බයක් වී පුපුරා යන්නට හේතුවෙනු ඇතැයිද එනිසා කැබිනට් සංශෝධනය කල් දැමීම නුවනට හුරු බවද ජනාධිපතිවරයා වෙත ඔහුගේ සමීපතම උපදේශකයන් දැනුන් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලිට්‍රෝ සභාපති ඉවත්කර නව සභාපතිවරයෙක් පත්කිරීම මෙන්ම, ජනාධිපතිවරයා එම ගෑස් අංගනය වෙත…

Read More

සුසිල් ප්‍රේමජයන්ත තවමත් පුන්නක්කු කෑම හෙවත් වෙනසක මහත!

සුසිල් ප්‍රේමජයන්ත තවමත් පුන්නක්කු කෑම හෙවත් වෙනසක මහත ! - ගාමිණී වියන්ගොඩ

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්, පිළිවෙලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයත් වැදගත් පරීක්ෂණ ගණනාවක් මෙහෙයවමින් සිටි කාලයක් තිබුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න භාරයේ තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ බිම් මට්ටමේ පරීක්ෂණ සිදු කරමින් සිටි දක්ෂ පොලිස් පරීක්ෂකවරයෙක් සිටියේය. ඔහු, නිශාන්ත ද සිල්වා ය. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හදිසි නියෝගයක් ප්‍රකාරව, වහා ක්‍රියාත්මක වන පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මීගමුව පොලිස් ස්ථානයට ඔහුව මාරු කෙරුණි. ඒ කාලයේ ස්වාධීන පොලිස් කොමිසමක් තිබුණි. පැය 24 ක්…

Read More

“ලිට්‍රෝ” පොහොට්ටු ලේකම්ට.

Renuka Perera Chairman Litro Gas

ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ එම තනතුරෙන් ඉවත්කර අදාළ තනතුරට පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා පත්කරන බව දැනගන්නට ලැබේ. තැන තැන ගෑස් පිපිරීම් වාර්තාවීමත් සමග තෙෂාර ජයසිංහ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විවේචනයට භාජනය විය. ඒ අනුව ලක්ෂ 20කට අධික වැටුපක් සහ නොයේක් වරප්‍රසාද ලබාගන්නා ලිට්‍රෝ සභාපතිවරයා ගෑස් අර්බූදයට නිසි මැදිහත්වීමක් නොකළ බව ආණ්ඩුවේ ප්‍රබලයින්ද චෝදනා කළෝය. මේ සියලු දේවල් නිසා ලිට්‍රෝ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කරන්න ජනාධිපතිවරයා තීරණයක් ගෙන ඇතැයිද එමගින් හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා බොහෝදුරට පත්කරනු ඇතැයිද දැනගන්නට ඇත. පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා වන රේණුක පෙරේරා මීට ප්‍රථම ජාතික…

Read More

කුමන්ත්‍රණ ටොෆිය…

Conspiracies within the government

ගෑස් පිපිරීම පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා. ඒ කතාවේ ඔහු කියනවා ජනාධිපතිගේ නියමයෙන් දැන් මේ ගැන පරීක්ෂණයක් ආරම්භ වෙලා තියෙනවා කියලා. ඒ අස්සේ තිස්ස කුට්ටි කියනවා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අයින් කළේ බුද්ධි වාර්තාවක් උඩ කියලා. ඒ කියන්නේ සුසිලුත් කුමන්ත්‍රණයක හිටියා කියලා නේ. ජොන්ස්ටන් තමන්ගේ කතාවේ කියනවා කොළඹ 7 ගෑස් පිපිරීම් නැහැ කියලා. නුවරත් නැහැලු. කුරුනෑගලත් නැහැ ලු. මේ යනවිදිහට සහල් මිල වැඩි වීම කොළඹ වරායේ තෙල් නැව් දෙකක් සිරවීම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට විකිණීම වගේ හැමදේම කුමන්ත්‍රන වෙන්න පුලුවන්. සමහර වෙලාවට ජනාධිපතිගේ නියමයෙන් ඒ ගැන පරීක්ෂණ වගේ…

Read More

බලමු මොකද වෙන්නේ කියලා…

Minister Susil Premajayantha sacked

ආණ්ඩුවේ කෘෂිකර්ම වැඩපිළිවෙල අසාර්ථක බව තමන් දෙල්කඳ පොළේදී ප්‍රකාශ කළ නිසා, තමන් රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉවත්කළ බවත් ඉදිරියේදී වෙන්නේ කුමක්දැයි බලාගත හැකි බවත් සිය අමාත්‍යාංශයට පැමිණ බඩුමුට්ටු අස්කරන අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්‍ත මාධ්‍යට ප්‍රකාශ කරයි. පසුගිය දෙසැ 03 දා පැවති කැබිනට් හමුවේදී මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඇතැයි අනුමාන කරන අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ අවුරුදු පහකට වරක් ජනතාවගේ වෙලාව එන බවයි. එම වෙලාවේදී මේවාට ජනතාව නිවැරදිව ප්‍රතිචාර දක්වනු ඇතැයි ප්‍රකාශ කරන ඒ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් එලවා දැමීම තමන්ගේ දේශපාලන අනාගතයට සුබයැයි ප්‍රකාශ කරයි. තමන් හොඳටම දේශපාලනයේ තෙම්පරාදු චරිතයක් බවත්,…

Read More

මහින්ද විශ්‍රාම ගන්වන්න, බැසිල් පෙරමුණෙන් බලපෑම්!

Retirement of Prime Minister Mahinda Rajapaksa

අගමැති මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් විශ්‍රාම ගන්නවා එම ධුරයට බැසිල් රාජපක්ෂ ගෙන ඒම සඳහා පොදුජන පෙරමුණේ බැසිල් පෙරමුණ විශාල උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ. එම පෙරමුණේ අදහස වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මේවනවිට දුර්වල ශරීර සෞඛ්‍ය තත්ත්වයක පසුවෙන බැවින් ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගොස් බැසිල් රාජපක්ෂ හට එම කටයුතු පැවරිය යුතු බවය. මෙම මතය සනාථ කිරීම සඳහා ඔවුන් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙම බැසිල් පෙරමුණේ ක්‍රියාකාරීත්වය නිසා අගමැති කාර්‍යාලයට අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්නොවෙන බවට වූ ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කිරීමට පවා සිදුවූ අතර පසුගිය දා අභායාරාමයට ගිය අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර…

Read More