රට පාලනයට ජාතික සභාවක්..!

වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව ශ්‍රීලනිපය ප්‍රකාශ කරයි.

අද උදේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රීලනිපය සමග පක්ෂ 11 නායකයන් ජනාධිපතිවරයා මුණගැසුනු අතර එහිදී නව අගමැතිවරයෙක් යටතේ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟවී ඇත.

මේ අනුව ජාතික සභාවක් පත් කෙරෙන බව ප්‍රකාශ කරන අතර එම සභාව විසින් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත්කරන බවද මෙම අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගන්නට නියමිත බව ප්‍රකාශ වෙයි.

Social Sharing
නවතම