රනිල් අවුලක, පොහොට්ටුව බලපොරයක..!

එලබෙන 30 දාට ප්‍රථම රාජ්‍ය අමාත්‍යවරුන් පත් නොකරන්නේ නම් තම කණ්ඩායම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ගෙන එන අයවැයට සිය සහාය ලබා නොදෙන බව පොහොට්ටුව ප්‍රකාශ කිරීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල අවුලකට පත්වී ඇතැයි වාර්තා වෙයි.

සජබ මන්ත්‍රීවරුන් රාශියක් බිලී බාගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපතිවරයා ගනු ලැබූ උත්සාහය මේවනවිට අසාර්ථක වී ඇති නිසා පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරුන් පිරිසකට රාජ්‍ය අමාත්‍ය ධුරයන් ලබාදෙමින් ස්ථර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා උත්සාහ ගනිමින් සිටින අතර තුර පොදුජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ තමන් යොමුකළ ලිස්ටෙකට අනුව අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට වහාම කටයුතු කරන ලෙසය.

එය එසේ නොවුණ හොත් අයවැය ඡන්ද විමසීමේදී එයට බහුතර පොහොට්ටු සහාය නොලැබෙනු ඇති බවත් බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇතැයි දැන ගන්නට ඇත. මේ අතර තවදුරටත් වාර්තා වන්නේ රාජ්‍ය අමාත්‍ය ධුර සඳහා යෝජීත පහසුකම් සහ වරප්‍රසාද තවත් වැඩිකළ යුතු බවට පොහොට්ටු ප්‍රබලයන් ගෙන් යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වී ඇති බවයි.

 

Social Sharing
නවතම පුවත්