මාස හයකට අධික කාලයක් තිස්සේ සෞඛ්‍ය සේවකයන් විසින් සිදු කරන ලද ඉල්ලිම් මාලාවක් සම්බන්ධයෙන් මේතාක් යහපත් ප්‍රතිචාරයක් ලබා දීමට කටයුතු කර නොමැති බවට චෝදනා කරන සෞඛ්‍ය වෘත්තිය සමිතියක් සති දෙකක් ඇතුලත විසදුම් ලබා නොදුනහොත් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බවට ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි වෙත මාර්තු 01 සදුදා ලිපියක් යොමු කරමින් එම අනතුරු ඇගවීම කර ඇත්තේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසිනි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමිගේ සහ සභාපති චමින්ද නිලන්තගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ සෞඛ්‍ය සේවක…
Read MoreTag: ministry of health sri lanka
මුස්ලිම් කොවිඩ් රෝගියකු ඝාතනය කළ බවට අනුරාධපුර රෝහලට චෝදනාවක්!
කොවිඩ් වැලඳී මියගිය මුස්ලිම් ජාතිකයෙකු රෝහලේදී ඝාතනය කළ බවට සැකයක් ඇතැයි කියමින් ඥාතින් පිරිසක් කර තිබෙන පැමිණිල්ලක් හා තවත් මුස්ලිම් මෘතදේහ දෙකක් ඇතුළු කොවිඩ් මරණ හතරක් මෘත ශරීරාගාරයේ සති කිහිපයක් තිස්සේ තැම්පත්කර තිබීම නිසා සියළුම පශ්චාත් මරණ පරික්ෂණ නැවත්වීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් තීරණය කර තිබුණි. ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ පෙබරවාරි මස (1දා) සිට කොවිඩ් වැලදුණු මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු තුනක් හා දමිළ පුද්ගලයෙකුගේ සිරුරුක් ගොඩගැසි තිබෙනා අතර පවතින අවධානම් තත්වය නිසා පශ්චාත් මරණ පරික්ෂණ පැවත්වීම වහාම අත්හිටුවීමට අධිකරණ වෛද්‍යවරුන් තීරණය කර තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ…
Read Moreචක්‍රලේඛ යාවත්කාලීන නොවීම නිසා කොවිෂීල්ඩ් එන්නත් 40,000 ක් අපතේ!
කොවිෂිල්ඩ් එන්නත මෙරටට ප්‍රථමවරට ගෙන්වුයේ පහුගිය ජනවාරි 28 දාය. එදා සිට මේ දක්වාම රජය විසින් අදියර කිහිපයක් යටතේ මේ එන්නත ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ආදි සේවයේ නියුතු පිරිස් වෙත ලබා දෙමින් ඇත. මේ වන විට කොවිෂීල්ඩ් එන්නත, 180,000ක පමණ සංඛ්‍යාවකට ලබා දී අවසන් ය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී ස්රදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ ලබන මස මුල් සතියේ සිට සාමාන්‍ය ජනතාවටද මේ කොවිඩ් එන්නත ලබා දිමට කටයුතු කරන බවය. මේ එන්නත දෛනිකව ලක්ෂ 6 කට ලබා දීම අපෙක්ෂා කරන අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ…
Read Moreඉන්ජෙක්ෂන් වැකේෂන් එක ඉන්න නිසා තෙවැනි රැල්ලත් අත ළඟ…
PCR පරීක්ෂණ ප්‍රමාදයට හේතුව රජයේ රසායනාගාර වල ධාරිතාව පිලිබඳ ගැටලුවක් නොවන බවත් මෙය පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමණාකරණයේ දුර්වලතාවයක් වන අතර අද රසායනාගාර සේවාව කළමණාකරණය කරන්නේ ඒ පිලිබඳව මල පොතේ අකුරක්වත් දන්නේ නැති කණ්ඩායමක් යැයි වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. එමෙන්ම මේ සෞඛ්‍ය කණ්ඩායම් සහ ජනාධිපති කාර්ය සාධක බලකා උද්දච්ඡකමකින් පසු වෙන බවත් කාර්ය සාධනය නිසි අයුරින් සිදු නොවන බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ PCR පරීක්ෂණ පමණක් කිරීමට ලංකාවේ රසායානාගාර 15 ක් පමණ ක්‍රියාත්මක වෙන බවත් නමුත් අද වෙනකම් රසායානාගාර කළමණාකරුවන් හෝ රසායනාගාර වෘත්තිය සමිතියක් සමඟ…
Read Moreසෞඛ්‍ය අංශ තිගැස්මට ලක් වෙලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
කොවිඩ් 19 වසංගතයට ගොදුරුව මිය ගිය ප්‍රථම වෛද්‍යවරයා ලෙස රාගම ශික්ෂණ රෝහලේ ළමා රෝග වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ නම ඊයේ (02) ලංකාවේ කොවිඩ් වලින් මියගිය අයගේ ලේඛනයට එක් වීය. ඉතා කණගාටුදායක සිද්ධියක් වූ මේ මරණයත් සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අවධාරණය කර සිටින්නේ අවධානම කනට ඇසෙනාවට වඩා පෙනෙන්නට තිබිය යුතු හෙයින් වත්මන් තත්ත්වය නිවැරදි ලෙස ජනතාවට සන්නිවේදනය කළ යුතු බවය. වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණය වැනි මරණ මෙන්ම සෙසු මරණද ඉදිරියේදී වළක්වා ගැනීම සඳහා බලධාරීන් අවශ්‍ය මැදිහත්වීම කාර්යක්ෂමව කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගෙන්…
Read Moreබලෙන් දෙන්නේ නැහැ, කැමති අය විද ගන්න – ලලිත් වීරතුංග
කොවිඩ් එන්නත ලබා ගැනීම ස්වාධීන තීරණයක් වන අතර එය බලෙන් එන්නත් නොකරණ බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. ඔහු පවසන්නේ එන්නත්කරණ වැඩසටහන සඳහා ජනතාව තෝරාගනු ලබන්නේ ජාතික මැතිවරණ කොමිසමේ නාම ලේඛනය යොදාගෙන බවය. නමුත් එම ලේඛන වල නම් සඳහන් නොවන “Resident visa holders” ගැන මේ අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති නමුත් ඔවුන් පිළිබඳව කඩිනම් තීරණයකට පැමිණෙන බවය. ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා-සෙනෙකා “කොවිෂීල්ඩ්” එන්නත් මාත්‍රා 500,000ක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. එම එන්නත් තොගය හෙට (28) දහවල් ඉන්දියන් ගුවන් යානක් මඟින් මෙරටට ගෙන ඒමට නියමිතය.…
Read Moreනිදහස් සැමරුමට දින 15 ක් පාසල් දරුවන් කඳවුරු ගත කිරීම අවදානම්! – ලංකා ගුරු සංගමය
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැනි විශේෂ ආරක්ෂාවක් යටතේ සිටින පුද්ගලයින්ට පවා කොවිඩ් ආසාදනය වුයේ නම් පාසල් දරුවන් එකවර නිරාවරණය වීම බරපතල ගැටළු සහගත තත්ත්වයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා කියා සිටියි. පාසල් ළමයි තුල කොවිඩ් ප්‍රවණතාවය වැඩි වීමක් දකින බවත් මේ කියා සිටින්නේ පාසල් වහන්න කියාවත් අරින්න කියාවත් නොවන බවද ඒ මහතා කියා සිටින්නේ බස්නාහිර පළාතේ සාමාන්‍යපෙළ දරුවන්ට පාසල් ඇරීමේදී මේ සියලු දේවල් සැලකිල්ලට ගෙන දැඩි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ගැඹුරින් ක්‍රියා කළ යුතු බවය. මේ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද පාසල් පද්ධතිය තුල…
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයටත් අසාධ්‍යයයි!
දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් පිට පිට තෙවැනි දිනටත් නව කොවිඩ් ආසාදිතයින් 843 කු ඊයේ (24) දින වාර්තා විය. ඉන් 480 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී තිබුණි. ඒ කොළඹ කොටුව 10, කොම්පඤ්ඤ වීදිය 20, කොල්ලුපිටිය 19, බම්බලපිටිය 12, නාරාහේන්පිට 29, වැල්ලවත්ත 22, කුරුඳුවත්ත 21, බොරැල්ල 08, දෙමටගොඩ 17, මරදාන 20, පිටකොටුව 11, අළුත්කඩේ 4, කොටහේන 09, ග්‍රෑන්ඩ්පාස් 15, මට්ටක්කුලිය 15, අංගොඩ 02, අතුරුගිරිය 08, අවිස්සාවේල්ල, 16, දැදීගමුව 3, බොරැලැස්ගමුව 01, දෙහිවල 19, ගොතටුව 21, හබරකඩ 01, හංවැල්ල 02, හෝමාගම 04, කහතුඩුව 08, කොහුවල 02, කොලොන්නාව 02, කොස්ගම 02, මොරටුව 18,…
Read Moreකොරෝනාව “පාලනයකින් තොරව රටපුරා පැතිරිලා”
කොරෝනා වෛරසය මේ වන විට පාලනයකින් තොරව ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී ඇති බවට කොරෝනාබාධිත වී සුවය ලැබු රජයේ අමාත්‍යවරයකු අනතුරු අඟවා තිබේ. “මේ මොහොත වන විට කොරෝනා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්වයක් නොමැත”. බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඒ බව අවධාරණය කර ඇත්තේ තමන්ට වැළඳුණු කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලබා නිවසට පැමිණිමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ පනිවිඩයක් නිකුත් කරමිනි. රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන කොරෝනා වෛරසය…
Read Moreපාසැල් යළි ආරම්භ කිරීම යනු අවදානම් කණ්ඩායමක් සමාජයට නිරාවරණය කිරීමක්!
පාසැල් යළි ආරම්භ කිරීම යනු කොරෝනා රෝගයට අදාළව අවදානම් කණ්ඩායමක් සමාජයට නිරාවරණය කිරීමක් බව අප අමතක නොකළ යුතුය. දරුවන් පාසලට යාම ආරම්භ කිරීමත් සමගම, මෙතෙක් සමජය හා නොගැටුනු ඔවුන් සමාජය සමඟ එක්වීම සහ ඒ හරහා සමජයේ අංශ රාශියක් සක්‍රීයවේ. එබැවින් අප සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දෙනු ලබන්නේ පසුගිය මාසය තුල අහඹු පරීක්ෂණ ක්‍රියාවලිය මගින් අප හෙළිදරව් කරගන්නා ලද තොරතුරු පිළිබඳව මීට වඩා විද්‍යාත්මක සලකා බැලීමක් සිදු කරන ලෙස ය. බස්නාහිර පළාත් සභාවෙන් පිටවන මගින් පිළිබඳව සිදුකරන ලද අහඹු පරීක්ෂණ ක්‍රියාවලියේ දී 11000 ක පමණ පරීක්ෂණ සිදු කිරීමේදී සියයක පමණ ආසාදිතයන් හඳුනාගෙන…
Read More