එන්නත ඇනවුමේ ඉඳලම ආණ්ඩුව අනාගෙන –  මනුෂ නානායක්කාර

ආණ්ඩුව ජනතාවගේ ජීවිත අවදානමට පත් කරමින් ‘‘බ්ලැක් මාර්කට් එකෙන්’’ එන්නත් මිලදී ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශය පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

එසේම ලෝකයේ කිසිම රටක් චිට් ක‍්‍රමයට කොරෝනා එන්නත ලබාදී නොමැති බවත්, දේශපාලඥයින්ගේ ලයිස්තුවලට අනුව එන්නත ලබාදීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ලැජ්ජා විය යුතු බවත් ඒ මහතා කියා සිටියි.

ආණ්ඩුව එන්නත ඇනවුම් කිරීමේ  තැන සිටම  අනාගෙන සිටින බවත්  ලෝකයේ අනික් රටවල් එන්නත් ලබාගැනීමට කටයුතු කළාට පසුව මෙරට එන්නත් මිලදී ගැනීමට ඇණවුම් කරනවිට මිලදී ගැනීමට එන්නත් නැතැයිද ඔහු පෙන්වා දෙයි.

ඇස්ට‍්‍රසෙනිකා එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබාගැනීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයෙන් මුදල් වෙන් කර ඇති බවත්  ඒක ලබාගැනීමට මුදල් වෙන් කිරීමට මෙතරම් කාලයක් බලාගෙන සිට දැන් මේ මුදල් වෙන් කරන්නේ ‘‘බ්ලැක් මාකට්’’ එකෙන් හරි බෙහෙත් ගන්න යැයිද ඔහු කියා සිටියි.

මෙහෙම බැලැක් මාර්කට් එකෙන් බෙහෙත් ගන්න ගියොත් ඒක බරපතල තත්වයක් බවට පත්විය හැකි බව පෙන්වා දෙන මනුෂ නානායක්කාර මහතා පවසන්නේ  පැණි පොවලා, මුට්ටි ගගට දාලා ජනතාව රවටන්න ආණ්ඩුව උත්සාහ ගත් බවත් අද වන විට ජනතාවත් රැවටී, ආණ්ඩුඩවත් අර්බුදයට ගොස් ඇති බවය.

එන්නත්  ලබාදීම ගැන තීන්දු ගන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අංශ විසින් තීරණ ගත යුතු වුවත් දැන් මේවාට දේශපාලඥයින් මැදිහත්වෙන බවත් පවසන ඔහු ඊට නිදසුන් ලෙස පෙන්වා දුන්නේ  මොරටුවේ නගරාධිපති හා කුරුණෑගලත් නගරාධිපති චිට් කෑල්ලට බෙහෙත් ගැසීමේ ක්‍රියාවලියය.

මේ  ආණ්ඩුව මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දීලා දේශපාලනය කරන බවත් රුපියල් පන්දාහ බෙදීමේ සිට එන්නත විඳීම දක්වා දේශපාලනය කරන බවද වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (28) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

-ශානි-

Social Sharing
නවතම