එන්නත්කරණයේ බිස්නස් එක!

මොරටුව නගරාධිපතිගේ උපදේශකයා ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් ඔහුව උදාහරණයට ගනිමින් ඔහු  වෛද්‍යවරුන්ට එන්නත්කරණය ගැන කියාදෙන්න උත්සහ ගනිමින් සිටින බවත් අද එන්නත්කරණය විනාශ වී ඇත්තේ එවැනි තත්ත්වයන් නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

එම නිසා සිදුවන සෑම මරණයකටම,සෑම ආසදිතයෙකුටම ජනාධිපතිවරයා ඇතුළු මේ දේශපාලකයින් වගකිව යුතු බවද ඔහු කියා සිටියි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එන්නත් විශාල ප්‍රමාණයක් වෙන් කරගෙන  සාමාජිකයින්ට පවසා ඇත්තේ සාමාජික මුදල් ගෙවා එන්නත ලබා ගන්නා ලෙසට බවත් ඒ මහතා පෙන්වා දෙන්නේ සාමාජිකයින්ට මේ එන්නත සීමාවක් නොමැතිව ලබා දුන් බවය.

මේ ගැන සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ අනික් අංශ දැඩි ලෙස කෝපයට පත්ව වෘත්තීය ක්‍රියාමාර්ග වලට යාමේදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටින්නේ ඒ සියල්ල රාජිතගේ කටවල් බවට බවත් ඔවුන් පවසන ආකාරයට තවමත් සෞඛ්‍ය මෙහෙයවන්නේ රාජිත සේනාරත්න බවත් හෙතෙම පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිතියක් බවත් ඔවුන් මේ කොවිඩ් මර්ධන ක්‍රියාවලියට ඇතුල් වී කෑ ගැසීමට ගොස් මෙය දැන් වන කර තිබෙනවා යැයිද  පවසන රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ මේ අකාරයටම මොරටුව නගරාධිපතිද නොසන්ඩාල වැඩ කරන බවය.

යහපාලන සමයේ මෙවැනි දෙයක් සිදුවුවානම් රජයේ නිලධාරීන්ගේ සංගමට ඊට විරුද්ධව රෙදි උස්සාගෙන එන බවත් එසේ නම් මෙලහකට මුලු කොළඹම වෛද්‍යවරුන් වර්ජනයකට පොළඹවා ඇති බවත් පෙන්වා දෙන ඔහු පවසන්නේ අද ඔවුන් මොරටුව සිද්ධිය සම්බන්ධයෙන් කටවල් හකුලාගෙන සිටින බවය.

අප කලින්ම මේ රට ලොක්ඩවුන් කරන ලෙස ඉල්ලා සිටියත් ඊට මේ රජය හිත හදාගෙන නොසිටි බවත් ඔවුන් හැමදෙයක්ම කරන්නේ අවශ්‍ය වෙලාවට නොව එහි නරක ප්‍රතිඵල විශාල වශයෙන් දකිනකොට බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ  (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

-ශානි-

Social Sharing
නවතම