පාසල්වලින් පසුව රෝහල් වැසෙයි..?

පවත්නා තෙල් අර්බුදය හේතුවෙන් මේ වනවිට පාසල් වසා දමා ඇති අතර ඉදිරියේදී සමස්ථ රෝහල් පද්ධතියට ද මෙම තෙල් අර්බුදය අහිතකර ලෙස බලපානු ඇතැයි රෝහල් සේවකයන් ප්‍රකාශ කරති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කරන්නේ ඉන්ධන ලබා දීමේදී සෞඛ්‍ය අංශ සඳහා ප්‍රමුඛතාවය දෙන බවට රජය ප්‍රකාශ කර තිබුණත් තවමත් එවැන්නක් ක්‍රියාත්මක නොවන පසුබිමක වෛද්‍ය සහ සේවක හිඟයෙන් රෝහල් වසා දැමීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය.

මේ වනවිට සමස්ථ රෝහල් පද්ධතියම දැඩි ඖෂධ හිඟයකින් පෙළෙන අතර ඉන්ධන අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් රෝහල් පද්ධතියම සෑම අතින්ම අක්‍රමන්‍ය වෙනු ඇතැයි වෛද්‍ය අංශ මෙන්ම අනෙකුත් කාර්‍ය් අංශයන්ද රජයට අනතුරු අඟවා ඇත. එහෙත් මේ කිසිඳු ගැටලුවකට රජයෙන් තවමත් සාධනීය ප්‍රතිචාරයක් නැත.

Social Sharing
නවතම පුවත්