කොරෝනා බඩු මල්ලත් කප්පාදු වෙයි!

කොරෝනා ආසාදිතයින්ගේ පවුල්වලට රුපියල් දස දහසක බඩු මල්ලක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේ පහුගිය වසරේ නොවැම්බර් මාසයේ සිටය..

කොරෝනා ආසාදිත පුද්ගලයාගේ අදාල වසම භාර ග්‍රාම නිලධාරිවරයා මඟින් අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට දැන්වීමෙන් පසු මෙම දස දහසක බඩු මල්ල නිවසට ගෙනවිත් දෙනු ලැබුණි.

මේ වන විට මෙම බඩු මල්ලද කප්පාදු කිරිමට රජය පියවර ගෙන ඇත.ඒ් ඉකුත් දා රැස් වු කැබිනට් මණ්ඩල රැස්වීමේදිය.

ඒ් අනුව මින් ඉදිරියට අදාල බඩු මල්ල හිමි වන්නේ අඩු අදායම්ලාභි නිවසක කොරෝනා ආසාදිත වන අයෙකුට පමණි. මෙතෙක් කොරෝනා ආසාදිතව සිටි සෑම පවුලකටම ලැබෙන බඩු මල්ල නොලැබී යනු ඇත.

ආර්ථික පුනර්ජිවන හා ද්‍රරිද්‍රතාවය  තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම්වරයා විසින් මේ බව  සියලුම දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට ලිඛිතව දන්වා තිබේ.

වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම බඩු මල්ල කප්පාදු කළ යුතු බවද නව චක‍්‍රලේඛයේ සදහන් වේ.

ශානි

 

Social Sharing
නවතම