ඔමික්‍රෝන් සුනාමිය ලංකාවටත් …!

ආසාදිතයන් 182කගේ ජෛව සාම්පල පරීක්ෂාවකින් එම සාම්පල 160ක ඔමික්‍රෝන් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්‍යේෂනයකින් අනාවරණය වෙයි.

මෙම නියැදිය අනුව ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ ප්‍රතිශතය 88%ක් පමණ වෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කරනබව සමාජ මාධ්‍ය වාර්තා කරයි.

මෙම අධ්‍යයනය අනුව රට පුරාම ඔමික්‍රෝන් සුනාමියක් සේ ව්‍යාප්ත වෙමින් ඇති බව සිතිය හැකියැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරයි. යුරෝපය තුළත් මේවනවිට මෙම කොවිඩ් ප්‍රබේදය සුනාමියක් සේ ව්‍යාප්තවෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. එය දැන් ලෝකය පුරාම හෙම්බිරිස්සාව සේ සාමාන්‍යකරණය වෙමින් ඇත.

Social Sharing
නවතම