රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීම සඳහා ඝාතකයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් කවුරුහෝ මුදල් ලබාගෙන ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි. දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම සමාවදීම වෙනුවෙන් කිසියම් අයෙකු මුදලක් ලබාගෙන ඇති බවට බුද්ධි අංශ නිලධාරින් තමන්ට දැනුන් දුන් බවයි. මෙම ඝාතකයාට සමාව ලබාදීම වෙනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමි එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් සමග පැමිණ දිගින් දිගටම තමාගෙන් ඉල්ලීම් සිදුකළ බව එම වැඩසටහනේදී ප්‍රකාශ කරන හිටපු ජනාධිපතිවරයා රතන හිමියන් දිගින් දිගටම තමාව මුණගැසෙමින් මෙම තරුණයාට ජනාධිපති සමාව ලබාදීම සඳහා පෙළඹවීම් කළ බව ප්‍රකාශ…
Read MoreTag: Maithripala Sirisena
ජනාධිපති, අගමැතිකම දෙනවා කියලා 4 දෙනෙක් අන්දලා..?
අගමැති ධුරය ලබා දෙනවා යැයි කියමින් පවතින දේශපාලන අර්බුදය විසඳීමට මැදිහත් වෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 4 දෙනෙක්ගෙන් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ රාජපක්ෂ පවුල් පාලනය දිගටම පවත්වාගෙන යාම සඳහා පවුලේ එකඟතාවය මත ජනාධිපතිවරයා දිගින් දිගටම බොරු පොරොන්දු ලබා දෙමින් තිබෙන බවය. මේ අනුව දිනේෂ් ගුණවර්ධන, රමේෂ් පතිරණ, ඩලස් අලහප්පෙරුම සහ මෛත්‍රිපාල සිරිසේන යන අයට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන්න ජනාධිපතිවරයා පොරොන්දුවී ඇතැයි ඒ මහතා පැවසීය. මෙම බොරු පොරොන්දු අනාවරණය වීම නිසා මේ වනවිට රාජපක්ෂවරුන්ගේ කූඨ සැලසුම් හෙළිවී ඇතැයිද ඒ අනුව එලබෙන…
Read Moreරට පාලනයට ජාතික සභාවක්..!
වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව ශ්රීලනිපය ප්‍රකාශ කරයි. අද උදේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්රීලනිපය සමග පක්ෂ 11 නායකයන් ජනාධිපතිවරයා මුණගැසුනු අතර එහිදී නව අගමැතිවරයෙක් යටතේ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟවී ඇත. මේ අනුව ජාතික සභාවක් පත් කෙරෙන බව ප්‍රකාශ කරන අතර එම සභාව විසින් අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත්කරන බවද මෙම අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගන්නට නියමිත බව ප්‍රකාශ වෙයි.
Read Moreවෙච්ච දේත් එක්ක විපක්ෂය ඉදිරි දිනවල කරන්න යන දේ!
ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමග ජනපති අතර සාකච්ඡා අසාර්ථක වුනේ ඇයි? ශ්රීලනිපය, පක්ෂ 11 එකමුතුව සහ පොහොට්ටුවේ ස්වාධීන කණ්ඩායම ඇතුළත් මන්ත්‍රීවරු කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේ දී මන්ත්‍රී කණ්ඩායම පාර්ශවයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද මූලික ම යෝජනාව වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වී ඒ වෙනුවට රාජපක්ෂවරුන්ගෙන් තොර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවය. කෙසේවෙතත්, එම යෝජනාවට ජනාධිපතිවරයා මූලික වශයෙන් ම එකඟ වී නොමැත. ඊට හේතුව ලෙස හෙතෙම දක්වා ඇත්තේ තවමත් පාර්ලිමේන්තුවේ සරළ බහුතරය වන 113 මන්ත්‍රී පිරිසක් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සතුව…
Read Moreමෛත්‍රීට ගෙදරත් නැතිවෙයි..?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදී තිබෙන පැජට් පාරේ නිවස ඔහුට ස්ථිර වශයෙන්ම ලබාදීමේ කැබිනට් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. මෙම නඩුව අද (29) දින විභාගයට ගත් අතර එහිදී එම අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය හිටපු ජනාධිපතිවරයාට මෙම නිල නිවස ස්ථිර වශයෙන් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණ අතර එහිදී පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණේ කොළඹ පැජට් පාරේ මෙම නිවස අයත් භූමිය සහ නිවස විශාල මූල්‍යමය වටිනාකමක් ඇති බවත් එය…
Read Moreශ්රීලනිපය ආණ්ඩුවෙන් කැඩෙන දවස අද?
ඉඩම් පනත විවාදයට ගන්නා අද (23) දින සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු සුළු පක්ෂ 11ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දුරට විපක්ෂයේ අසුන් ගනු ඇතැයි වාර්තා වෙයි. මෙම තත්ත්වයත් සමග අද උදෑසන ජනාධිපතිවරයා සහ ශ්‍රීලනීප පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත් වෙන බව දැනගන්නට ලැබෙන අතර මෙම හමුවේදී සාකච්ඡා වෙන කරුණු මත හවස බොහෝ දුරට ශ්‍රීලනීපය ප්රමුඛ කණ්ඩායම විපක්ෂයට එකතුවෙනු ඇත. මේ අතර ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළේ අද දිනයේ දී පාර්ලිමේන්තුවේ දී විශේෂ තීරණයක් ගන්නා බවය. ‘විශේෂයෙන්ම හෙට පාර්ලිමේන්තුවට එනවා මීට පෙර සම්මත…
Read Moreආණ්ඩුවෙන් යන්න ශ්‍රීලනීපය තීරණය කරයි..
වර්තමාන ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඒකමතිකව තීරණය කර ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුවන් එම පක්ෂ මුලස්ථානයේදී රැස්වී මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙන අතර හෙට 8 වෙනි අගහරුවාදා පස්වරු 4 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග කරන සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ශ්‍රීලනීප නායකත්වය තීරණයකට එනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ශ්‍රීලනීප ආසන සංවිධායකවරුන් තම කැමැත්ත මෙසේ පළ කළත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා මේ උචිත…
Read Moreපොදු දේපල චෝදනාවෙන් අර්ජුන් මහේන්ද්‍රන් නිදහස්!
2016 දී ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 36කට වඩා වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරු දෙදෙනෙක් තීන්දු කළහ. අද (5) මෙම නඩුව දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන් ඉදිරියේ විභාගයට ගත් අතර එහි අරමුණ වූයේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට…
Read Moreශ්රීලනීපයත් යනවාද? තීරණය අද
කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දමන්නට ප්‍රථම එයින් ඉවත්ව ආණ්ඩුවෙනු ඉවත් වෙනවා දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරමින් සිටින බව එහි ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. පසුගිය 3දා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමත් සමග උද්ගත වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට අණ්ඩුව සමග කටයුතු කරන සුළු පක්ෂ 11හේ කණ්ඩායම අද රැස්වෙන බව වාර්තා වෙන අතර මෙම හමුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඉන්නවාද යනවාද යන්න බොහෝ දුරට තීරණය කරනු ඇතැයි ඉහත ප්‍රකාශකයා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලයේ සිටින නිමල් සිරිපාල ද…
Read More“ජාතික වකුගඩු රෝහල අද ,සුදු අලියෙක් ” හිටපු ජනාධිපති
රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වියදම් කරමින් පොලොන්නරුවේ ඉදි කරන ලද ජාතික වකුගඩු විශේෂිත රෝහල, රෝගීන් සදහා ප්රශස්ත සේවාවක් ලබා දීමට අසමත්ව ඇති බව හිටපු ජනාධිපතිවරයා විසින් හෙළි කර තිබේ. “මේ රෝහලේ වටිනාකම ජනතාවට අද ලබාදෙන්නේ නෑ. එක තැනක කතා වෙලා තියෙනවා මේ රෝහල සුදු අලියෙක් විදියට තියෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ. ඒක ඇත්ත. අද මේ රෝහලේ එකසැරේ ප්‍රතිකාර කරන්න පුළුවන් රුධිර පිරිසිදු කිරීම් 100ක් තියනවා. අද රෝගීන් 22කට විතරයි කරන්නේ.” හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව සදහන් කර ඇත්තේ සති අන්තයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් සම්මේලනය…
Read More