ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් කැඩෙන දවස අද?

ඉඩම් පනත විවාදයට ගන්නා අද (23) දින සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු සුළු පක්ෂ 11ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දුරට විපක්ෂයේ අසුන් ගනු ඇතැයි වාර්තා වෙයි.

මෙම තත්ත්වයත් සමග අද උදෑසන ජනාධිපතිවරයා සහ ශ්‍රීලනීප පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත් වෙන බව දැනගන්නට ලැබෙන අතර මෙම හමුවේදී සාකච්ඡා වෙන කරුණු මත හවස බොහෝ දුරට ශ්‍රීලනීපය ප්‍රමුඛ කණ්ඩායම විපක්ෂයට එකතුවෙනු ඇත.

මේ අතර ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළේ අද දිනයේ දී පාර්ලිමේන්තුවේ දී විශේෂ තීරණයක් ගන්නා බවය. ‘විශේෂයෙන්ම හෙට පාර්ලිමේන්තුවට එනවා මීට පෙර සම්මත කළ පනතකට අනුව රෙගුලාසි පැනවීමක්. අපේ රටේ කෘෂිකාර්මික ප්‍රදේශවල ඉඩම් අයිතිය ගොවි ජනතාවගෙන් පැහැර ගැනීමේ රෙගුලාසි ප්‍රමාණයක් ඒකේ තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර අපි සාකච්ඡා කළා’ යනුවෙන් පසුගිය 22දා පැවති මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ ‘අපිට හදිසි අවශ්‍යතාවයක් තිබෙනවා අපේ මේ දේශපාලන නායකත්වය රට ඉදිරියේ තැබීමට. ආණ්ඩුවට බරපතළ චෝදනා පත්‍රයක් ලබාදෙන්න අපි සැලසුම් කරලා තියෙනවා’ මේ අනුව අද දිනයේදී බොහෝ දුරට මෙම පක්ෂ 11ට අයත් මන්තීවරුන් විපක්ෂයේ අසුන් ගනු ඇත.

Social Sharing
නවතම