ශ්‍රීලනීපයත් යනවාද? තීරණය අද

කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දමන්නට ප්‍රථම එයින් ඉවත්ව ආණ්ඩුවෙනු ඉවත් වෙනවා දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරමින් සිටින බව එහි ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.

පසුගිය 3දා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමත් සමග උද්ගත වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට අණ්ඩුව සමග කටයුතු කරන සුළු පක්ෂ 11හේ කණ්ඩායම අද රැස්වෙන බව වාර්තා වෙන අතර මෙම හමුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඉන්නවාද යනවාද යන්න බොහෝ දුරට තීරණය කරනු ඇතැයි ඉහත ප්‍රකාශකයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලයේ සිටින නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර අතරින් නිමල් සිරිපාල ද සිල්වා කැබිනට් මණ්ඩලයෙන් සහ ආණ්ඩුවෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කර ඇතැයිද එම තත්ත්වය නිසා මේ පිළිබඳව තීරණයක් ගැනීම දිගින් දිගටම කල් යමින් තිබෙන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය දා කියා සිටියේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරය ආණ්ඩුවෙන් යා යුතුයැයි ප්‍රකාශ කළ හොත් ආණ්ඩුවෙන් ඉවත් වෙන බවය. මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න වැනි පක්ෂයේ ප්‍රබලයන් වර්තමාන තත්ත්වය සමග ආණ්ඩුවෙන් ඉවත්ව කටයුතු කිරීම සුදුසු යැයි පක්ෂයට යෝජනා කර තිබෙන බවද දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම