රාජපක්ෂලාට මෛත්‍රීපාලගේ ප්‍රජා අයිතිය මතක් වෙයි..?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුව කල්පනා කරමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නගරයෙන් නගරයට යමින් ආණ්ඩුවට එරෙහිව ජනතාව උසිගන්වන නිසා මෙය වහාම කළ යුතුබව පොදුජන පෙරමුණේ මතය වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුව තුළ තබාගැනීමේ උවමනාවක් පොදුජන පෙරමුණට නැති බව පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ගේ මතය වී ඇති අතර ඒ අනුව ශ්‍රීලනීපයට විරුද්ධව තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයා පෙළඹවීමට පොදුජන පෙරමුණ කටයුතු කරනු ඇත.

මේ අනුව පාස්කු කොමිසමේ නිර්දේශ හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව ක්‍රියාත්මක වේවියැයි ආණ්ඩුව දෙසින් එන තොරතුරු කියාසිටී.

Social Sharing
නවතම